Followers

Friday, November 18, 2011

මේස් හිල් උනේ සපත්තුව හිල් වෙලා නිසා


teamhagkulls.wordpress.com


කාලයක් තිබුන, එකම කමිසෙ දවස් තුනක් අඳින, කලිසම කිලුටුවෙනකම් අඳින, මේස් කුට්ටම දවස් පහම දාන අතර ඒ එකම කුට්ටම හිල්වෙනකම්ම දානව. ඒ වගේම සමහර වෙලාවට  මේස් හිල උනේ සපත්තුව හිල් වෙලා නිසා. (දැන් කොල්ලො දාන සමහර සපත්තුවල හොට කොතරම් දිගද කියනව නම් මුහුනෙ ඇනෙයිද කියලත් හිතෙනව)


සමහර වෙලාවට මේස්වල 'කට' හොඳටම පලල් වීම නිසා කකුලෙ හිටින්නෙ නෑ. එය උඩින් නවත්ත ගන්න රබර් පටියක් දාල එය වැහෙන්න වාටිය නවනව. හවස ගෙදර ඇවිල්ල සපත්තු ගලවන කොට සිකුරාද වගේ වෙනකොට නාහෙ වහගෙන තමයි ගලවන්නෙ. මේස් ගැලෙව්වහම රතුපාටට පාර හිටල.


අපේ ස්ත්‍රී පාර්ශවයේ මීට සමාන්තර තොරතුරු ගැන අවබෝධය අඩුය.


දැන් එය වෙනස්වෙලා, මේස් කුට්ටම කමිසෙ කලිසම එක දවසයි අඳින්නෙ. සපත්තු හිල් වෙනකම් දානව කියල දෙයක් නෑ. අලුත් මොස්තරයක් එනකම් විතරයි. කිසිලි  යට ස්ප්‍රේ, මුහුනට ක්‍රීම් කෙස් වලට පාට, ක්‍රීම් හෝ ජෙල්, සමහරුන් නිතිපතා ෆේසියල්- පිරිමි පවා.


මගෙ යාලුවෙකුගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට හොරෙන් ටියුෂන් දීල මට ගාස්තුව විදියට ලැබුනෙ මගේ මිත්‍රයගෙ මාම ඔස්ට්‍රේලියාවෙන් එවපු එයාට අඳින්න බැරි දිග කලිසමක්. ඒක මට ගානට තිබුන. එය දුඹුරු- චොකලට් පාට හොඳ මැටීරියල් එකෙකකින් නිමවපු එකක්, ඒ කලිසමත් මම ඉරෙනකම් ඇන්ද. අනෙක් මං ඉරෙනකම් ඇන්ද කලිසම තමයි ජිල්-මයුර ගාමන්ට් එකේ නිපැයුමක් වු ක්‍රීම්/ සුදු පාට කලිසම. ( හැබෑටම ජිල්- මයුරට මක් උනාද? ඒ ගොල්ලො සේවකයන්ට හොඳට සැලකුව කියල මං අහල තියෙනව.)


ඒ වගේම තාමත් ඉන්නව එකම සරම හෝදල වනල වේලෙන කම් හෙලුවෙන් ඉන්න අය. ලියන්න මොනවත්ම දෙයක් නැති උනාම මට හිතෙනව මාත් අර එකම සරම හෝදල වනල වේලෙනකම්  බලාගෙන ඉන්න කෙනෙක් වගේ කියල.

10 comments:

  1. දැන් ඔහෙ පිරිමි සපත්තු ස්ටයිල් එක අග උල් සපත්තු කියා දැන ගන්නට ලැබුණානෙ. ඒ නිසා සටහනේ අගයක් තියනවා මට!!

    ReplyDelete
  2. අපි පොඩි කාලේ මට මතකයි අපේ බාප්පා ට තිබුනේ එක සරමයි.

    http://kathandara.blogspot.com/2011/08/many-uses-of-humble-sarong.html

    පොර සෙනසුරාදා ට ජොකා ගහගෙන සරම හෝදලා, සරම වේලෙන කං ජොකාට උඩින් පත්තර කොළයක් ඇඳගෙන ඉන්නවා.

    ReplyDelete
  3. ස්තූතියි කතන්දර, අරුනි, පසුව දිග පිලිතුරක් ලියමි

    ReplyDelete
  4. සටහන ලස්සනයි. දැන් ඉතින් දන්නවා මොන වෙලාවටද සටහන් ලියවෙන්නේ, සහ කොයි තරම් පාරක් සරම හේදෙනවද කියන එක.

    බලාගෙන...:D

    ReplyDelete
  5. ජිල් මයුරා කාරයෝ මගේ නෑයෝ. පොඩිම පොඩි තැන ඉඳලා ආපු මිනිස්සු. මහ එක්කෙනා කවුරුන් හෝ විසින් ගෙදරදිම මැරුවා. කට කතා ගොඩයි. ඊට පස්සේ නැත්තටම නැති වෙලා ගියා. ලංකාවට ගාර්මන්ට් ඉන්ඩස්ට්‍රි එක ගෙනාවේ මෙයා තමයි. පැටි මහත්තයා කියලා ආදරේට කියන්නෙ. ඇත්ත රජවරු වගේ සේවකයෝ හිටියේ. අද ලංකාවේ ප්‍රසිද්ධ ගාමන්ට්ස් කාරයෝ එයාගේ ගෝලයෝ.

    ReplyDelete
  6. රොබට් නොක්ස්ගේ එදා හෙළදිවේ තිබුණු කතාවක් මතක් වුණා. මනුස්සයාත් මුල් කාලේ එකම සරමක් තිබ්බ නිසා ඒක හෝදලා ගලක වනලා වේලෙනකම් ගඟේ බැහැලා හිටියලු :))

    ReplyDelete
  7. කෝ ඉතින් අර දිග උත්තර දෙන්නේ කොයි වෙලාවෙද? :D

    ReplyDelete
  8. අරුණි, පොඩි කුමාරි හාමිනේත් බලං ඉන්නවා මම මොකද පරක්කු කියල දිග පිලිතුර ලියන්න, හිටපු ගමං අප්සට් ජොකිය වගේ මම නෝටි කතාත් ලියනවනේ..ඒක වෙන්නත් ඇති මහිතේ...මං අහුවෙයි ඕවට...

    ඇත්තම කියනව නම් මගේ සපත්තු කුට්ටමෙත් (තාම) අග ටිකක් උල්, කාලේ තාලෙටත් ඉන්න එපායෑ නෝනේ..

    කතන්දර, දැන් අපිට උපමාවකුත් තියෙනව අර කකාගෙ බාප්ප වගේ කිව්වෑකි.
    තව පොඩි කතාවක් තියෙනව.

    අපේ ගෙවල ලඟ පොරක් හිටිය වහලෙ තෙමෙන කාලෙට ඉනිමග තියල වහලෙට නගිනව. පොර වවුල ඇඳල සරම වලා පට ගහල තමයි නගින්නේ, සමහර වෙලාවට දෙක තුනම එලියට පනිනව මැද හරියක් යනකොට වවුලගෙන්, බිම ඉඳල බලනකොට රඹුටන එල්ලෙනව වගේ පොරට ගානක් නෑ, උඩටටම යනව.

    ReplyDelete
  9. මාතලන්, ජිල් පවුල ගැන ටිකක් මා අසා තිබෙනවා, දැනගත්ත එක හොඳයි, ස්තූතියි තොරතුරු බෙදාගත්තාට

    ReplyDelete
  10. Hasitha
    රොබර්ට් නොක්ස් මොකට බය උනාද අපෙ ගෑනු ඕව දැකල නැතුවයෑ!

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්