Followers

Tuesday, May 1, 2012

කතන්දරවල තියෙන පිලිකුල් රසයත් රසයක්ද? අවවාදයයි වමනය යන්නට පුලුවන් බැවින් පරිස්සම් වන්න







ජංගි හා ජොක්කු රස ගැන නෙමේ මගේ මේ වියමන.
ඊට වඩා ඉහල සම්භාව්‍ය ගම්බීර රසයක් වන තුවාල වලින් ගලන දුගඳ සැරව රස ගැන (හා... හා..)

පිලිකුල් රසය ඉතාම ඥාණාන්විතව අවස්තාවෝචිතව භාවිතා කළ ඓතිහාසික 'ආසික්' කතන්දරයක් කියන්නම්. මෙහි කතානායකය බුද්ධදාස රජතුමා. රජතුමා සතුන්ටත් රෝහලක් අවුරුදු දාස් ගානකට පෙර පවත්වගෙන ගිය බව ඔප්පුවෙන කතාවකුත් වෙනව. මේ ගැන අහපු ගමන් කතාව අහල තියෙන අයට දැනෙනව සැරව රසය. බඩේ තියෙන බඩවැල් එලියට එනව වගේ දැනෙනව. බඩේ තියෙන ඒව එලියට පනින වෙලාවක් තමයි රෝලර් කෝස්ටරේ යන විට. ( කාලෙකට පෙර හිතවතෙක්ගෙ උවමනාව නිසා භය බව නොපෙන්ව යන්න උනා, ආයි නං යන්නෙ නෑ )

බුද්දදාස රජතුමගෙ කතාවට එන්න පෙර තව  කතාවකුත් තියෙනව එය කියන්නම්.


ධනංජය කරුණාරත්නගෙ නාට්‍යයක තියෙන කතාවක්. එය දිග   දිග කතාවක්. ඒත් කෙටියෙන් කියන්නම්.

මිනිහෙක් හිතවත් කෙනෙකුට කන්න අරන් දෙනව බොන්න අරන් දෙනව , කන බොන ගමන් ඔහුගේ කතාවත් කියනව.

"මට රස්සාවක් නැති නිසා මගේ ගෑනි ගියා වලව්වේ වැඩට. කාලයක් ගත උනා. දැන් මගෙ ගෑනි ගෙදර එන්නෙ නෑ. මං කීප වතාවක්ම ගියා එක්ක එන්න. ඒත් ඒකිව  එවන්න හාමු බෑ කියනව. මං කීප වතාවක්ම ගියා. ඌ මට සල්ලි දික් කරනව. අන්තිමේදී බැරිම තැන මං සල්ලි ගත්තා. හිතේ අමාරුවට හොඳටම මං බිව්ව. ඉතුරු සල්ලිවලින් තමයි මං මේ උඹට කන්න බොන්න අරන් දෙන්නෙ ."


බුද්ධාස රජ්ජුරුවො ලඟට දිනක් බඩේ අමාරුවක් ඇති කෙනෙකු ගියා බෙහෙත් ගන්න. ඒ විටම තව කෙනෙකු ආවා කකුලක් කුනු වී ඕජස් ගලන කුණු ගඳ ගසමින් අශ්වයෙක් රැගෙන. රජතුමා පලමුව අශවයාගේ තුවාලයට ප්‍රතිකාර කරලා යැව්වා.

දෙවනුව බඩේ අමාරුව වැලඳී කෑ ගසන ලෙඩාට බෙහෙත් බොන්නට දුන්නා. ස්වල්ප වේලාවකින් රජතුමා ලෙඩා ලඟට ගොස් කීවා ඔබ බීවේ අර අශවයාගේ කුනු වී තිබුනු සැරව කියා. ඒ විගසම ලෙඩාට ඔක්කාරය සැදී වමනය කරන්නට පටන් ගත්තා, බඩේ සිටි පනුවන් එලියට ආ නිසා අසනීපය සුව උනා. අශ්වයත් ගොඩ, මනුස්සයත් ගොඩ.
dscf6516 medium 150x150 Horse Wounds and Proud Flesh Treatment with Some Good Veterinary Advice

http://enduranceridestuff.com/blog/2008/12/horse-wounds-and-proud-flesh-treatment-with-some-good-veterinary-advice/






16 comments:

  1. http://pahanyaaya.blogspot.com/2012/05/xvii.html

    අද සයුරි ලියලා තියෙන්නෙත් බුද්ධදාස රජතුමා ගැන. දෙන්නා කතා වෙලා ලීවද? ඒ කතාව බලලා ආව හන්දා ඔයාගේ කතාව බලලා වමනේ ගියේ නෑ. :D

    ReplyDelete
  2. කතානං ගොඩක් දන්නව. මීටත් වැඩිය පිළිකුල්. ලියන්නත් පිළිකුල්.
    කොහොම උනත් පිළිකුල් රසයත් රසයක් විදියටයි සාහිත්‍යයේ සදහන් වෙන්නෙ. ඒකෙන් කියන්නෙ පිලිකුල හොද රසයක් කියන එක නෙවේ. "රසය" කියන්නෙ එතනදි "රස"-"නීරස" දෙකටම.

    ReplyDelete
  3. දැන් රජවරුන් කියන කතා ඇහෙන කොටත් වමනේ යනවා තමයි.
    කිසි වෙනසක් නෑ.

    ReplyDelete
  4. බුද්ධදාස රජතුමා ගැන නොඇසූ කතාවක්... පිළිකුලත් තියෙන්න ඕනේ තමයි නැතුව බෑ

    ReplyDelete
  5. පොඩි කුමාරි හාමිනේ, සයුරියි මායි එකම කතාව දෙවිදියකට ලියලා.
    කතාවෙලා නම් නොවේ

    ReplyDelete
  6. කතන්දර Kathandara
    අද මහා වෙදනාගෙ කතාව කියෙව්වමත් එහෙමයි. රජගොල්ලොන්ගෙත් මොලේ තියෙන්නෙ සාමාන්‍යය පිරිමින්ගෙ මොලේ තියෙන තැන තමා; බඩෙයි ඊට පල්ලෙහයින් එල්ලෙන තැන

    ReplyDelete
  7. raaj,
    ජංගි රසය, ජොකා රසය, සැරව රසය. තුවාල රසය, අසූචි රසය

    ReplyDelete
  8. ගැමියා, මේක අපේ පාඩම් පොත්වල තිබූ කතාවක්

    ReplyDelete
  9. භීබත්ස්‍යය (පිළිකුල) නවනලු රසයෙන් එක් රසයකි

    ReplyDelete
    Replies
    1. ඔය එන්නේ නියම හිංගල

      Delete
  10. ඔය බඩේ අමාරුව තිබුනේ හාමුදුරුනමකට කියල සයුරි අක්කා කියලා තියෙන්නේ..

    ReplyDelete
  11. රජ්ජුන්ට අපහාස කරන්න එපෝ....... මටත් වදිනවානේ :-)

    ReplyDelete
  12. methana dan wadiyenma jokku ganai jangi ganai liyanne kauda ........ onna kathandara mahattaya ehama newe harida :P oyath hemin oluwa ata gala tokkak anna neda kumari hami wagema..pau kathandara try karanne eyage blog eke hit wadi karaganna a asse oyala oluwath ata gala tokuth aniniwa :P

    ReplyDelete
  13. Dinesh
    සයුරි හරි, ඒත් එයාගෙත් මගේත් කතාවල තේමාව එකයී. ස්තූතියි

    ReplyDelete
  14. සොරි මලේ රජ වෙන්න ඕනෙ එන කුනුගොඩවල් ඔක්කොමත් බලාපොරොත්තු වෙලානැත්නම් සුදු වෑන් කබලක්වත් තියෙන්නෙ ඕනෙ

    ReplyDelete
  15. Ano, මුස්සිලල කොහොමද ගුත්තිලට ටොකු අනින්නේ

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්