Followers

Thursday, July 26, 2012

ලංකාවේ ස්ත්‍රී දූශණ රැල්ලටත් හේතුව ස්ත්‍රීන් අනවශ්‍ය ලෙස ඇඟ පත පෙන්වීමද - අමාත්‍ය මර්වින්ට පිලිතුරක්




අමාත්‍ය මර්වින් සිල්වා සමහර විට කියන්න අවශය කාරණා කියන්නෙ අමුතු විදියකට. 

ඒක එතුමගෙ ස්ටයිල් එක කියමුකෝ.

මේ ලිපිය එතුමාගෙ චරිතය විශ්ලේශනය කිරී නොව, එතුමා මෙතක් මතුකර ඇති කාරණා අතරින් වැදගත්ම මාතෘකාව ගැන කියන්නයි. 
ඒ වගේම සමහරුන්ගෙන් බැණුම් අසන්න ලැබුනත් හිතට ආව දේ කෙලින්ම ලියන්නයි.

පසු ගිය දිනෙකත් අවදානය ට ලක්විය දෙයක් ඔහුගෙ මුවින් පිට උනා, මඩකලපුවේදී.

අමාත්ය තුමා කියන්නෙ අපේ ගෑණු ළමයි ඇඟ පේන්න ඇඳගෙන යන නිසා තමයි ස්ත්‍රී දූෂණ සිදු වෙන්නෙ, වෙනත් අපචාර අප රටේ සිදුවෙන්නෙ. 

එහෙනම් ගම්පහ කප් රුක, කොට කෙතන- කහවත්ත, අවුරුදු හයේ හතේ ගෑණු ළමයින්,,,,

අඳින ඇඳුම් යම් තරමකින් දායක වූවත් මේ විනාශයට එකම හේතුව නොවේ නේද ඇමති තුමනි.

හැම දස මහ දෝශෙටම පලි අම්ම, එක්කො ගෙදර උන්දැ;
ම'හිතන්නෙ ඇමති තුමාගෙ කතාවත් ඒ වගේ.

ආසන්න අතීතයේ සිදුවූ නාන ළිං ළඟ සැඟවී ඉඳ නාන ලඳුන්ගේ අඟ පසඟ රූප ගත කොට අලෙවි කිරීම, තම රෙදි පිලි නැත්නම් ඇඳුම් අලෙවි හලේ ආරක්ශක කැමරාවෙන් ඇඳුම් මාරු කරන ස්ත්‍රීන්ගේ නිරුවත් ඡායාරූප ගෙන බ්ලැක්මේල් කර දූශණය කිරීම, අවුරුදු හය හත කිරි දරුවන් දූශනය කොට මරා දැමීම ස්ත්‍රීන් අඟ පසඟ පෙන්නා යාම නිසා වෙන දේවල්ද?

මිටි තැනින් වතුර බහිනව වගේ ස්ත්‍රීන්ගෙ පිටටම ඔක්කොම කුණු විසි කරන එක හොඳ නෑ නේද ඇමති තුමනි! ලංකාව වගේ ඝර්ම කලාපික රටක මුලු ඇඟම වහගෙන යන්න නම් හැම තැනම එයාර් කොන්ඩිශන් කරන්න වෙයි. සරම අඳින පිරිමින්ට නම් සරම උස්සගෙන නැත්නම් සරමෙන් පවන් ගහගෙන පොඩ්ඩක් හුලං පාරක් ඇතුලට යවාගෙන ටිකක් කූල් කර ගන්න පුලුවන්. ඒකට කවුරුවත් මොකවත් කියන්නෙ නෑ.

අසරණයා පෙලීමේ මානසිකත්වය, පශ්චාත් යුද පරිසරය, පසුගිය දසක තුන පුරා හිංසාව එදිනෙදා සිදුවූ සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබීම, උපන්දා සිට උදේ සිට සවස් වන තෙක් ඇසුණේ මෙවැනි ප්‍රවෘත්ති නම්.. .........
ආදී  කරුණු (සමාජ විද්යාත්මකව දැනටමත් සොයා බලා විශ්ලේශණය කර ඇතිවාට සැක නෑ)  රාශියක් මේ තත්වයට හේතු වී ඇති බව නිසැකය.  ඒ මදිවාට සමහර සංඝයාවහන්සේලාත් තම බණ දේශණා රසවත් කිරීමට අසභ්‍ය දේවලට සමාන යෙදුම් භාවිතයත් නෝබී.

එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කරත් නැතත් 
 තරුණ තරුණියන්ට අඩු තරමින් රට තුල සංචාරයට උනන්දු කිරීම හා අඩු ගමන් ගාස්තු ක්‍රමයක් සකස් කර දීම, 
තාවකාලික පැවිද්ද, 
බොරු ලජ්ජාව තුරන් කර තරුන තරුනියන්ට හඳුනා ගැනීමට නිදහසේ හැසිරීමට හැකි ස්තාන, උද්‍යාන ඇති කිරීම, 
උපත් පාලන ක්‍රම හා ද්‍රව්‍ය පහසුවෙන් ලබා ගැනීමට ක්‍රම සලස්වා දීම,  

ඔබ තුමාගෙ සතුන් බිලි දීම, 
හරක් මස් කෑමට හා පෝශනය පිලිබඳ ව්‍යාජ මතිමතාන්තර වලට එරෙහි ව්‍යාපාරය විද්‍යාත්මක පදනමක් ඔස්සේ ශක්තිමත් කිරීම,  
ලිංගික සේවා ස්තාන නීති ගත කිරීම ආදියසලකා බැලිය යුතු දේවල්.

මං හිතනව ලිංගික සේවා නිසාම ආණ්ඩුවේ බදු ආදායම දෙතුන් ගුණයකින් වැඩිවේවි.

ඔබ තුමාලටත් ප්‍රශ්න අඩු වේවි.

ඔක්කොම ගොඩ, කොහොමද මගෙ  කිඩ්නිය!

24 comments:

  1. ඔය අමන කතාවලට උත්තර බඳින් කාලේ නාස්ති කරන්නේ ඇයි බං?

    ReplyDelete
    Replies
    1. ඉඳල හිටලවත් අපට කතා කරන්න මාතෘකවක් දෙන්නෙ එතුම විතරයි, යමක් නොකිය හොඳ නෑනේ!

      Delete
  2. Replies
    1. මොලේ තියෙන්නෙ කිඩ්නියෙනෙ ඔබ දන්නවනේ!

      (ඔබගේ පෝස්ට් වලට කොමෙන්ට්ස් නොදැම්මාට මන් නොවැරදීම කියවනවා)

      Delete
  3. බතී මොනව දන්නවද අපේ ඇමැටිතුමා කිව්වනම් ඉතිං බඩුම තමා. මම හිතන්නේ ලඟදිම වෛවර්ණ වලින් අරාබි ලෝගුව (අබාව ) ක් අපේ කාන්තාවනට නිර්මාණය කරයි එතුමා සහ එතුමාගේ සට්ටම්බීන්. එතකොට බති අපේ රටෙත් ඔය වගේ දහදුරා වැඩ ආයිත් වෙන්නේ නැහැ. තව දෙයක් පිරිමින්ගේ සියලුම සිංහල දෙමළ... නෑ....නෑ... එක්කො ඕනෙ නැහැ. ඇමතිතුමා කැමති වෙන එකක් නැහැ. එතුමාගේ ජුංඩ තවත් කොට කරගන්න. එතුමා මහජන සම්බන්ධතා ඇමැටිනෙ. එතුමාට මෙච්චර කැක්කුම ඕකනෙ.

    ReplyDelete
    Replies
    1. ඇඳුමක් නිර්මාණය කිරීමත් කජ්ජක්ද?

      තොරණ හන්දියෙ ටේලර් සාප්පුවෙ ටේලර්ව ගස් බැඳල හරි වැඩේ කරල දෙයි.

      Delete
  4. එක හේතුවක් නෙවෙයි.හේතු ගොඩක් මතනෙ වෙන්නේ මේ දේවල්..වැඩක් නැහැ කතා කරලා.ඔය දුෂකයන්ව මරන්න ඕන ප්‍රසිද්ධියේ..

    ReplyDelete
    Replies
    1. නීතියට ගෙනැවිත් දඩුවම් කල යුතුයි. ප්‍රසිද්ධියෙ මැරීම කියන්නේ කී දෙනෙක් තුල මානසික තුවාල හදන දෙයක්ද, හිතන්නවත් එපා එය ගැන, ඔබ කටට ආවට කීවාට එය බරපතල දෙයක්. මං දන්නවා ඔබ වැනි සුකොමල කෙනෙක් එය ඇත්තටම අදහස් කලේ නෑ.

      Delete
    2. ඒත් මේවා නවතින්නේ කවදද??

      Delete
    3. තරහට කිව්වට මේ වගේ සමාජ ගැටලුවලට, ව්‍යාධීන් වලට විද්‍යාත්මක විසඳුම් දිය යුතුයි
      නිසි රජයේ ප්‍රතිපත්ති සලසා දීර්ඝකාලීන සැලසුම් දියත් කලයුතු බවයි මගේ පණ්ඩිත මොලය කියන්නේ

      Delete
  5. ටික දවසක් කට පියාගන හිටියා දැන් ආයෙත් පටන් අරගන

    ReplyDelete
    Replies
    1. මදුරුවො කාලා නූලෙන් එතුමා බේරිලා තියෙන්නෙ කියල කිව්වෙ ඒකයි සද්ද නැතුව ඉඳල තියෙන්නෙ

      Delete
  6. //ලංකාවේ ස්ත්‍රී දූශණ රැල්ලටත් හේතුව ස්ත්‍රීන් අනවශ්‍ය ලෙස ඇඟ පත පෙන්වීමද

    එකම හේතුව කියල තියෙන තැන පෙන්න්න්න

    ReplyDelete
    Replies
    1. කරුණාකර ඒ අදාල පුවත් පත් වාර්තාව බලන්න.

      Delete
  7. මනාප ලක්ෂ ගාණක් ගත්තු ජනතා නියෝජිතයෙක් තමා මෙතුමා :D

    ReplyDelete
    Replies
    1. ඒ වැඩෙත් ලේසි නෑ..

      Delete
  8. wedagedara maha wedana pilituru di aeta budiyak ati ayata

    ReplyDelete
    Replies
    1. එතුමාගේ සටහන් කවදත් බුද්ධිමත්, කිසි අවුලක් නෑ.

      Delete
  9. //ලංකාවේ ස්ත්‍රී දූශණ රැල්ලටත් හේතුව ස්ත්‍රීන් අනවශ්‍ය ලෙස ඇඟ පත පෙන්වීමද//
    මේවා ඉතින් කොච්චර වහගෙන ගියත්, පිරිමි හිතෙන් ගලවල බලනවලුනේ....:)

    ReplyDelete
  10. ප්‍රධාන හේතුව නීතිය, යුක්තිය පිලිබඳ විස්වාසය සමාජයෙන් ගිලිහී යාම.මේ නිසා අකටයුතු කම් කිරීමට ඇති බිය මිනිසුන් තුලින් ඉවත් වී ගොස් ඇත.

    ReplyDelete
  11. මසුරන් වටින කියමනක්!
    ඇත්තටම ප්‍රධාන හේතුව මෙයයි, ඒත් මේ තැනට රට ගෙන ආවේ කවුද?

    ReplyDelete
  12. නිදහසින් පසු බලයට පත් සියලුම දේශපාලකයන් වගකිවයුතු අතර 2005 පසු බලයේ සිටින්නන් විශේෂයෙන්ම නීතිය යුක්තිය හෑල්ලුවට ලක්කිරීම සම්බන්දව වග කිව යුතුය.

    ReplyDelete
  13. මේ මනුස්සයට කොහොමත් තියෙනවනේ මානසික ලෙඩක්.
    වැඩේ කියන්නේ මේවා අනුමත කරන මිනිස්සුත් ඉන්නවනේ මේ රටේ :/
    මූණු පොතේ ඔය අදහස දෙන ෆොටෝ එකක් දැකලා මාත් පොස්ට් එකක් ලිව්වා ඕක ගැන.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්