Followers

Saturday, August 9, 2014

ගණන් බැරි මාධ්‍ය, ගණන් කාර භික්ෂුන් හා දේශපාලකයින්



Image courtesy Dushiyanthini Kanagasabapathipillai.

ගණන් බැරි කිව්වට ඔහෙල හිතන්න එපා මේ ලොකු ලොකු වැඩ කියල. ඇත්තටම මොනවද මේ ලොකු ගණන් කිව්වෙ. මාත් දන්න ලොකු ගණනක් නෑ,  දන්න විදියට ලොකුම ගණන් ක්‍රම තමයි කලනය. Calculus. අමාරු ප්‍රශ්න අහන්න ලෑස්තිවෙන්න එපා. මං ඒව ලඟින් ගිහිල්ල තියෙනව පමණයි.

මේ මාතෘකාවට එන්නට මට හිතුනේ, මේ ළඟදී ඥාණසාර සාදු මොනවද කියල, රාජිත සාදුට, සොරි ඇමති තුමාට, (දැන් සාදුල හැමතැනම පත්තරෙත් මුල් පිටුවෙ හෙඩ් ලයින්, ....ටී වී එකේත්...., ඉතින් මේකත් රෝගයක්, මුල් පිටු නැත්නම් හෙඩ්ලයින් මේනියාව කිව්වත් වරදක් නෑ,) ඉතින් රාජිත ගිහින් ලොක්කගෙන් අහල මේකට මොකෝ කරන්නෙ කියල, ලොක්ක කියල නඩු දාපන් කියල. ඉතින් රාජිත රු බිලියනයකට නඩු දානව කියල මාධ්යවල පලවෙලා තිබුන.

පසුව තැනක රාජිතම කියනව මිලියන් දහයක වන්දියක් ඉල්ලා නඩු දානව කියල.

ලොකු ප්‍රශ්නයක්,
කාටද ගණන් වරදින්නෙ කියල.
මාධ්‍යයටද ? අපේ දේශපාලකයන්ටද ?

මං කොහෙන්ද අසා තිබෙනව නායකයත්ව ලක්ශණ කෙනෙකු තුල ගොඩ නැගෙන්නේ ගණිතයට ඇති හැකියාවත් සමගය කියල. මහිතන්නෙ වඩා නිවැරදිව ගත්තොත් තර්ක කිරීමේ හැකියාව මත කියල.
නීතිඥ වෘත්තිකයින්, වර්තමානයේ ඉන්ජිනේරුවන් මේ නායකත්වයට පැමිණ තිබෙන්නේ ඒ නිසා වෙන්න ඇති. ගණන් කාරයන් වීමත් ලංකාවේ සුදුසුකමකි. ඒ අය තර්ක කරන්න එන අයට ගණන් පෙන්වති. ඒ නායකත්වයට එන තව විදි ක්‍රමයක්.

ඇත්තටම
බිලියන් එකකට ලක්ශ කීයද?
කෝටියකට ලක්ශ කීයද?
මිලියන් එකකට ලක්ශ කීයද?

ඥාණසාර නිකායේ සාදුලා පෙන්වන ගණන්, ගමේ චංඩින්ගේ ගණන්ය. කණපලනවා උන්නාන්සෙ කියනව, තව උන්නාන්සෙල ටිකක් මරපියව් කියනවා. ඉතින් මේ පෙන්වන ගණන් වලින් සේවය ලබන්නේ කවුද කියන එක පැහැදිළිද?
රාජිතත් හොඳ ගණන් කාරයෙකි. බලමු කොයි ගණන් කාරයද දිනන්නේ කියල.

22 comments:

  1. බිලියන් අස්සේ ලක්ෂ ගහන්න එන්න එපා දයල්.

    ලක්ෂ කියා ඒකකයක් දැන් නෑ. ඒක වන් හන්ඩ්‍රඩ් තවුසන්ඩ්...!

    ReplyDelete
    Replies
    1. නෑ කකා, ඉන්දියාවෙ තාම යන්නෙ ලැක්ස් ඇන්ඩ් ක්‍රොර්. හැබැයි තාම අඟල්වලින් මනින ඇමරිකාවෙ බිලියන් මිලියන්!

      Delete
    2. කකා
      ඔබගේ මිලියන් අස්සේ මගෙ ලස්සෙ ගැනද ඔය කීවේ,
      මොකද ඔට්ටුද?

      Delete
    3. ඉන්දික
      එලවන්නෙ වමෙන්, යන්නෙ දකුණෙන්

      Delete
  2. මා දන්නා පරිදි මෙන්න ඔබේ ප්‍රශ්ණාවලියට පිළිතුරු.

    සියක් දාහක් ලක්‍ෂයකි, 100,000
    දශ ලක්‍ෂයක් මිලියනයකි, 1,000,000
    භාවිතයේ පවතින ආකාරයට මිලියන් දාහක් බිලියනයකි, 1,000,000
    භාවිතයේ පවතින ආකාරයට බිලියන් දාහක් ට්‍රිලියනයකි, 1,000,000,000

    ඒ සමගම දන්නවාද දෙමිලියනය කියන්නේ මොකක්ද කියා?

    මෙන්න මේවා ගැන සඳහන් කතන්දර කීපයක්.

    1. ලස්සෙට කොඩිය නං බිලියනේට දාන්නේ මොකක්ද? - Millions and Billions
    http://kathandara.blogspot.com/2011/10/millions-and-billions.html

    2. කැකිරි, පිපිඤ්ඤා, චීන පටස්, රතිඤ්ඤ සහ මිලියනය - Supercalifragilisticexpialidocious
    http://kathandara.blogspot.com/2012/08/supercalifragilisticexpialidocious.html

    ReplyDelete
    Replies
    1. කකා තුනක් හලාගෙන වගේ නේද? නෑ මම කිව්වෙ බිංදු 3ක් හැලිලා කියලා.

      මිලියන් දාහක් බිලියනයක්. ඒකට බිංදු 9යි. 1,000,000,000
      බිලියන් දාහක් ට්‍රිලියනයක්. ඒකට බිංදු 12යි. 1,000,000,000,000

      අගට බිංදු 15, ක්වොඩ්‍රිලියන්
      අගට බිංදු 18, ක්වින්ටිලියන්
      අගට බිංදු 21, සෙක්ස්ටිලියන් (අප්සෙට් වගේද?)

      අගට බිංදු 100 ට කියන්නෙ ගූගොල් (googol) එක කියලා. Google සමාගමේ නම හදල තිය්නෙ මේ googol එක ගැන හිතල තමයි.

      සිංහලෙන් නම් බිලියන් 1ක් කියන්නෙ ප්‍රකෝටි 1යි.
      ට්‍රිලියන 1ක් කියන්නෙ කෝටි ප්‍රකෝටි 10යි

      Delete
    2. මලා! සොරි, සොරි, බින්දු අඩුයි නේන්නම්. ස්තුතියි.

      Delete
    3. කකාටත් බිංදු වරදී
      රටේ වෙදා කියන්නෙ නිකංයෑ, බිංදු හරි ගාණට

      Delete
  3. ඔය මාධ්‍යකාරයො වගේම බින්දු ගාන් වැරදිච්චි ගෙවල්, වාහන ඇඩුත් ඕන තරම්. නිකන් තීන බින්දුනෙ, ඔන්න ඔහෙ දානව ඇති.

    මේන් බලන්න

    85,000,000.00 house

    88,000,000.00 house

    ReplyDelete
    Replies
    1. තවමත් මාධ්‍යවල වැරදියට යන්නෙ

      Delete
  4. මෙක ගැන ලගදි දෙසකයා පාඩමක් කොලා නේද

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න බොන්න වෙයි ඒව බලන්න ගියොත්

      Delete
  5. ගණිතය මගින් දියුණු කරනු යේ විශ්ලේෂණීය චින්තනයයි (Analytical Thinking)
    විශ්ලේෂණීය චින්තනය නිවැරදි තීරණයට පැමිණීමට අතයාවශයයි
    නිවැරදි තීරණය ව්‍යාපාරය හෝ ආයතනය නිසි මග ගෙනයාමට අතයාවශයයි

    ගණිතය හැදෑරූවන් හට කටපාඩම අරහන් බැවින් කටපාඩම් පරිපාලන සේවා විභාගය සිහිනයක්ම වෙයි
    එබැවින් මේ කටපාඩම් විභාගය සමතුන් අතිබහුතරය උසස් ගණිතය ඉගෙනගත්තවුන් නොවෙයි.
    නමුත් රටේ මර්මස්ඨාන වල සිටිනා තීරකයන් පරිපාලන සේවා විභාගය තුලින් පරිපාලනයට පැමිණෙති.
    එබැවින් විශ්ලේෂණීය චින්තනය මඳ බහුතරයක් ඉතා බරපතල තීරණ ගනිති.
    එම තීරණවල ප්‍රතිපල විනිශචය ඔබ සැමට භාරය.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන්ම එකඟ වීමට හෝ විරුද්ධ වීමට නොහැක.

      Delete
  6. රාජිත ඥාණසාර හොද වලියක්..මාධ්‍ය වලට ලොකු ඉල්ලමක්..ඒකින් පුලුවන් වේවි රටේ දිස්ත්‍රික්ක පහකට වඩා ව්‍යාප්ත වෙලා තියෙන නියඟ නිවුස් එක හෙඩ්ලයින් එන එක වලක්වන්න..

    ReplyDelete
    Replies
    1. මේ දවස් දෙක තුන ගෙවා ගන්න මේක ඇතිවෙයි

      Delete
  7. මමත් "ගණන්"කාරයෙක් වෙනවා.මටත් බැරිය එතකොටවත් සාදුලා,ඇමතිලා එක්ක හෙඩ් ලයින් එකේ නම දා ගන්න.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි හෙඩ් ලයින් එකට කෙටිම මාර්ගය

      Delete
  8. අපේ හන්දියේ නම් පොඩි කාළේ ඉඳලම ගනන් කාරයෙක් හිටියා. එයා ජෙප්පෝ දිවිය ළෝකේ යැව්වා. දැන් නම් පන්සලේ සාධු තමයි ගනන් කාරයා. පොලීසියේ ඕ අයි සි මහත්තයා නම් කියන්නේ එයා තමයි ලූ ආන්ඩුවේ ලයිසන් තියෙන එකම ගනන් කාරයා.. අනේ මන්දා අප්පා..

    ReplyDelete
    Replies
    1. ලයිසන් ගන්නෙ කොහොමද
      සිවුරක් දාගත් පමණින්ම බෑ
      එහෙනම් වටරැකත් චන්ඩියෙක්නේ

      Delete
  9. පත්තර වල ගණන් දන්නෙ නැතුව වරද්දන අවස්ථා බොහොමයි, විශේෂයෙන්ම ඩොලර් මිලියන ගණන් රුපියල් වලින් දාන්න ගියාම ..

    ReplyDelete
    Replies
    1. උඩින් ජීවන ෆර්නෑන්ඩො කියන කතාව හරිය කියල හිතෙනව මේව දකින කොට.

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්