Followers

Saturday, December 16, 2017

ජවිපෙ ගොඩ ලොකුවෙන තරමට මෛත්‍රී ලොකුවෙන පුංචි, ලොකු ඡන්දේ!! Mithree will win at the end any way!!,

තෙවසරකට පසුව, යහපාලනය පලමු වරට ටැස්ට් කරන ඡන්දේ හෙවත් පලමු මුට්ටිය ඔන්න එනව පෙබරවාරියේ.  ඔක්කොම හුලං හමල ඉවරයි. පාගමන් ඉවරයි. සයිටම් සටන ඉවරයි. තව පෝය දෙකයි කිව්ව ආණ්ඩුව ඉතාම ශක්තිමත්ව ඉදිරියට ගමන් කරමින් තිබෙනව.  අවබෝධතා ගිවිසුම තව අවු දෙකකින් දික් කරන්න යනව. සැලුන් දොර බකාස් ගා ඇරිල. ගෙම්බන් දැන් මේ පැත්තට පනිනව.

සෞඛ්‍ය ක්ශෙත්‍රයේ පැහැදිලි දියුනුවක් ජනහිතකාමී ස්වබාවයක් පෙන්නුම් කරල තියෙනව. අධ්‍යාපනය පැත්තෙන් කියන්න තරම් දියුණුවක් වෙලා නෑ. පෙට්‍රෝල්, භූමිතෙල් අඩුකරල තියෙනව. ඩෙංගු යම් තරමකට පාලනයකට ගෙනවිත් තිබෙනව. කොළඹ කුණු යම් ප්‍රමාණයකට පාලනයකට ගෙනැවිත් තිබෙනව. කොළඹ ට්‍රැෆික් නිසා දේසපාලකයින්ගේ අම්මලත් බැනුම් අහනව.පාරවලුත් හැදෙනව, ඒ හැදෙන වේගෙට ඉවර කරන්න අවු සීයක්වත් යයි. මහබැන්කු කොල්ලය ආණ්ඩුවට වනයක්, ඇණයක් . කොරේ පිටට මරේ වගේ රු 10000 රජයේ සේවක පඩි වැඩි කිරීම  රජයේ ණය බර තවත් වැඩිකලා. කෙසේ හෝ මූල්‍ය අරමුදලේ ණයවලින් හා චීනේට වරාය විකිණීමෙන් ලද මුදලින් ආණ්ඩුවට ගෙනියගන්න පුලුවන් කමක් තියෙනව. යහපාලනය ඇතිකිරීමේ නියමුවකු වන සාධාරන සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ සරත් විජේසූරිය මෑතකදී, රනිල් හා ආණ්ඩුව ගැන කල විවේචනය ඉතාම බරපතලයි.

ආණ්ඩු විරෝධී ඡන්ද මහ කුට්ටියේ ප්‍රධාන හිමිකරු හා ප්‍රතිවාදියා වන මහින්ද පොහොට්ටුව නැමති බලල් අතකුත් අනෙක් අතින් රනිල් හා මෛත්‍රී සමග ඩීල් දමමින් දෙවිදියක සටනක් දියත් කරල තියෙනව. අනෙක් ප්‍රධාන ප්‍රතිවාදියා වී තිබෙන්නේ ආණ්ඩුවට හිතවත් ඒත් තදබල විවේචක පාර්ශවයක් වන ජනතා විමුක්ති පෙරමුනයි.

මේ පුංචි ඡන්දයෙන් ආණ්ඩු මාරු නොවන නිසා පවතින ආණ්ඩුව සමග ශේප් එකේ ඉන්න තමයි කවුරුත් බලන්නෙ; ඒකයි සාමාන්‍යය ස්වභාවය. පොහොට්ටුවෙ චන්ද ලැයිස්තු සැකසීමේ සිදුව ඇති සුලුපටු නොවන අකාර්‍යක්ෂමතාවය, මේ ඡන්දය ඒ පාර්ෂවය විසින් බරපතල ලෙස නොගැනීමේ පැහැදිලි ලක්ෂණයක්.

ජනතා විමුක්තිපෙරමුණ ගෙන යන ගම ජවිපෙට යන සටන් පාටය ජනතාව සැකයෙන් වුවත් බාරගන්නා බව පෙනෙන්නට තිබේ. මෛත්‍රී, රනිල් හා මහින්ද යන තිදෙනාම ජනතාව අතර කීර්තිය දියුණු කරගෙන ඇතැයි කිව නොහැක. ඒත් මෛත්‍රී ඒ තුන් දෙනා අතරින් ජනප්‍රියම නායකයාය කීවොත් වැරදි නැත. ජවිපෙ තරුණ මුහුනු,  වෘත්තීය වේදීන් දුෂණ චෝදනා ඉතාම අඩුවීම එහි වටිනාකම වැඩිකරමින් ඇත. ඒ නිසත්  මෛත්‍රී, රනිල් හා මහින්ද නායකයින්ගේ පිරිහෙමින් යන කීර්තිය නිසත් පොහොට්ටුවේ අකාර්‍ය්ක්ෂමතාවය නිසත් ජවිපෙට යම් වර්ධනය වන ආකර්ෂණයක් ඇතැයි සිතේ. තරුණ තරුණියන් බොහෝමයකගේ මනාපය ජවිපෙට හිමිවෙතැයි අනුමාන කල හැකිය.

ශ්‍රී ලනිප ඡන්ද දෙකට කැඩීම නිසා යූ එන් පිය පක්ෂයක් ලෙස වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගනු ඇත. ශ්‍රී ලනිපෙ තුන්වන තැනට හෝ හතර පහ ස්තානයට පත්වනු ඇත.  පෙබවාරි ඡන්ද ප්‍රතිපලය මෛත්‍රී විසින් බරපතල ලෙස කිරා බලනු ඇත. මෛත්‍රීගේ නායකත්වයෙන් බිහිවන දූෂණ විරෝධී නව පෙරමුණක ආරම්බය එය වනු ඇත.මේ මට හිතෙන හැටිය. 

Tuesday, November 7, 2017

දූෂණ චෝදනා ලද කුමාරවරු හිරේ!



එක රැයින් රිට්ස් කාල්ටන් හෝටලය හිර ගෙයක් වෙයි.
දූෂකයින් හොරුන් සෞදි ක්‍රමයට අල්ලන විදියත් නරක නෑ.
ජනතාවට සමාජ ප්‍රතිසංස්කරණ යෝජනා කරමින්,
ඉරාන් කටාර් හා යේමන් වැනි වට පිට රටවල් බිය කරමින්
තම ප්‍රතිසන්ස්කරණ වලට විරුද්ධ වූවොත්
වන දේ ගැන ආගමික නායකයින්ට ඉඟි කරමින්,
වසය තිස් ගණන්වල පසුවන
මොහොමඩ් බින් සල්මාන් කුමරු සවුදි රජකමට සූදානම් වනු පෙනේ.
-----------------------------

ශ්‍රී ලංකාවට ගුවන්යානයක්‌ එනතුරු මැද පෙරදිග ගුවන්තොටේ සිටි කත කන්න නැතිව මරුට

මැද පෙරදිග ගෘහ සේවිකාවක්‌ වශයෙන් රැකියාවක්‌ කළ 30 හැවිරිදි දෙදරු මවකට එහි නිවැසියන් විසින් පහරදී කෲර ලෙස සැලකීමක්‌ හේතුවෙන් ශ්‍රී ලංකාව බලා යැමට ඇයගේ ඥතීන් විසින් එවනු ලැබූ ගුවන් ටිකට්‌ පතේ දිනය වෙනස්‌කර එරට ගෘහමූලිකයන් විසින් ඇයට භාරදීම නිසා ශ්‍රී ලංකාව බලා යන ගුවන් යානයක්‌ පැමිණෙන තුරු ගුවන් තොටුපලේ දින ගණනාවක්‌ රැඳීසිට අවසානයේ ඇය නිරාහාරව මියයැමේ දුක්‌මුසු පුවතක්‌ පිළිබඳව මීගමුව දිස්‌ත්‍රික්‌ මහරෝහලේ හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය කීර්ති සිරිජයන්ත වික්‍රමසිංහ මහතා හමුවේ පැවැති මරණ පරීක්‍ෂණයකදී අනාවරණ විය.

එම සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ පස්‌සර අරලියාගම පදිංචිව සිටි වඩුතන්ත්‍රීගේ දිළුම් ප්‍රියංගා නමැති 30 හැවිරිදි දෙදරු මවය. ඇගේ මරණ පරීක්‍ෂණය හදිසි මරණ පරීක්‍ෂක සිරි ජයන්ත වික්‍රමරත්න මහතා හමුවේ පැවැති අවස්‌ථාවේ සාක්‍ෂි දුන් ඒ ෂෙල්ටන්ද අල්විස්‌ (61) මහතා මට දරුවන් අට දෙනකු ඉන්නවා. මෙම සිද්ධියේදී මරණයට පත්වූ දිළුම් ප්‍රියංගිකා මගේ දෙවැනි දුවයි. ඇය විවාහ වී සිටිනවා. නමුත් ඇගේ දරු දෙදෙනා කොහේ සිටී දැයි සොයාගන්න බැහැ.

ඇය 2016 ජුලි මස 2 වැනිදා ගෘහ සේවිකාවක්‌ ලෙස ඩුබායි රටට සේවයට ගියා. ඇය කලක්‌ තමා සේවය කරන ස්‌ථානය හොඳ තැනක්‌ යෑයි පැවසුවා. පසුව ඇයට සිදුවන හිංසා පිළිබඳව ඇය ඥතීන්ට පැවසුවා. ඒ අනුව ඇයට ආපසු පැමිණීමේ ගුවන් ටිකට්‌ පතක්‌ ඇගේ ඥතීන් විසින් යවා තිබුණා.

පසුව ඇය ගුවන් ටිකට්‌ පත රැගෙන ගුවන්තොටුපළට ගියත් ශ්‍රී ලංකාව බලා ගුවන් ගත වන යානයක්‌ අද හෙට පිටත්වීමට නොමැති බව කිව්වා. ඇය ගුවන් තොටුපළේ දින ගණනාවක්‌ රැඳී සිටියත් ශ්‍රී ලංකාව බලා පියාසර කරන ගුවන් යානයක්‌ පැමිණ නැහැ. ඇය දින ගණනාවක්‌ ගුවන් තොටුපළේ නිරාහාරව සිටි නිසා මියයන්න ඇතැයි මා සිතනවා යෑයි පැවසීය. මෙහිදී එරට පශු වෛද්‍යවරයා සහ මීගමුව දිස්‌ත්‍රික්‌ මහරෝහල් ප්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ එම්. එස්‌. රුහුල් හක්‌ මහතා විසින් ලබා දුන් වෛද්‍ය නිගමනයන් අනුව එම මරණයට හේතුව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවට මීගමුව හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය සිරි කීර්ති ජයන්ත වික්‍රමරත්න මහතා විසින් නිගමනය කරන ලදි.
 

Wednesday, November 1, 2017

ලංකාවේ අනාගත නායකයා මේ අතර ඉන්නවද??

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්මත කර ගත් පසුව ශ්‍රී ලංකාව නව දිසාවකින් ඉදිරියට යනු ඇතැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (31 දා) ව්‍යවස්‌ථාදායක සභාවේදී ප්‍රකාශ කළේය.
 
 නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පිළිබඳ විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී ඊයේ දෙවැනි දිනයටත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාදායක සභාව රැස්‌ විණි.
 
 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාව සභාපති කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31 දා) පාර්ලිමේන්තුවේදී දෙවැනි දිනටත් රැස්‌වන ලදී.
 
 විවාදය අරඹමින් පත් කළ මන්ත්‍රී (එජාප) ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා - ජනවාරි 08 දා අප සමඟ නොසිටි අය අද අහනවා අපට ජනවරමක්‌ තිබෙනවාද කියා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමට මෛත්‍රිපාල සිරිසේන මහතා සමග මන්ත්‍රිවරුන් තිස්‌ දෙනෙක්‌ ඒවි කියා හිතුවා. ඒත් එතරම් ප්‍රමාණයක්‌ ආවේ නෑ. ජනමත විචාරණයකට නොයන ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ යනවා කිව්වේ දින සීයේ පමණයි. ඒත් සෑම රැස්‌වීමකදීම මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා මෙය තමයි අවසන් ජනාධිපතිවරණය යළි ජනාධිපතිවරණයකට යන්නේ නෑ කියා. විධායක ජනාධිපතික්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට මෛත්‍රිපාල සිරිසේන මහතා කැපවී සිටින බවට අපට කිසිම සැකයක්‌ නෑ.
 
 අද අපි මේ කරන දේ තමාද කරන බව එදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාත් ප්‍රකාශ කර තිබුණා. නව ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍යයි. තුනෙන් දෙකක්‌ සහ ජනමත විචාරණයකින් සම්මත කර ගන්නා බව රාජ්‍ය නායකයන් දෙදෙනාම ප්‍රකාශ කළා.
 
 නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සඳහා මෙවර හොඳම යෝජනා ඉදිරිපත්වී තිබෙන්නේ. මහ ඇමැතිවරුන් හත් දෙනා ජාතික ප්‍රතිපත්ති හදනවාට ඔවුන් විරුද්ධ වුණේ නෑ. ඒ සඳහා ඔවුන්ව සම්බන්ධ කර ගන්න කියා කිව්වා. රට බෙදීමට කිසිම යෝජනාවක්‌ මෙහි නෑ.
 
 යාපනය දිස්‌ත්‍රික්‌ (ද්‍රජාස) මන්ත්‍රී එස්‌. ශ්‍රීදරන් මහතා - දෙමළ ජනතාව ආරක්‍ෂාව නැති නිසා විදෙස්‌ රටවලට සංක්‍රමණය වුණා. රටේ සමාන පුරවැසියන් ලෙස ජීවත්වීමට ඉල්ලා සිටිද්දී දෙමළ ජනතාවට එරෙහි ප්‍රචණ්‌ඩත්වය පතුරුවා හැරියා. උතුරු නැගෙනහිර ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම ෙµඩරල් කියා. ඡේ. ආර්. ජයවර්ධන මහතා ප්‍රකාශ කර තිබෙනවා. දෙමළ ජනතාවගේ සුරක්‍ෂිත බව සඳහා චෙල්වනායගම් මහතාත් ෙµඩරල් යෝජනා කළා. එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා පවා ස්‌වාධීන ක්‍රමය පිළිගත්තා. ඒත් අද ෙµඩරල් ක්‍රමය නිසි ලෙස තේරුම්ගෙන නෑ. ඒක කනගාටුවක්‌.
 
 මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා - චන්ද්‍රිකා මැතිනියත්, මහින්ද රාජපක්‍ෂ මහතාත් ව්‍යවස්‌ථාව වෙනස්‌ කර නව ව්‍යවස්‌ථාවක්‌ රටට අවශ්‍ය බව තම මැතිවරණ ප්‍රකාශ වලදී සඳහන් කළා. ඒත් ඒ දේවල් ඉටු වුණේ නැහැ. මෛත්‍රිපාල සිරිසේන මහතාත් ඒ පොරොන්දුව ලබා දුන්නා. වසරක්‌ ඇතුළත නව ව්‍යවස්‌ථාවක්‌ ගේන බවට සඳහන් කළා.
 
 ඒත් දැන් ප්‍රමාද වී හෝ ව්‍යවස්‌ථා අතුරු කමිටුවක්‌ පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. මොන ව්‍යවස්‌ථාව තිබුණත් රට බෙදන්න එපා කියන මිනිසුන් සිටිනවා. වැඩි පිරිසකට පිළිගත හැකි ව්‍යවස්‌ථාවක්‌ අපි හදන්න ඕන. සුළු ජාතීන්ගෙන් වැඩි පිරිසකට පිළිගත හැකි ව්‍යවස්‌ථාවක්‌ හදන්න ඕන. සිංහල බහුජාතියේ අනුමැතිය හිමි වන ව්‍යවස්‌ථාවක්‌ හදන්න ඕනෑ.
 
 අපි කවුරුවත් මේ කුඩා දූපත බෙදනවට කැමැති නැහැ. වාද විවාද කරලා ජනමත විචාරණයකටත් ගිහිල්ලා තමයි අපි නව ව්‍යවස්‌ථාව සම්මත කර ගන්නේ.
 
 විපක්‍ෂයේ අදහස්‌ ව්‍යවස්‌ථා කෙටුම්පතට එකතු කරනවා. මේ ව්‍යවස්‌ථාව හදන්නේ ජාතික ප්‍රශ්නය විසඳන්න නොවේ. කැබිනට්‌ මණ්‌ඩලයේ සංයුතිය ව්‍යවස්‌ථාවෙන් තීරණය කළ යුතු නැති ද ව්‍යවස්‌ථාවෙන් මැතිවරණ දින නියම කළ යුතුද? මැතිවරණවලට වියදම් කළ යුතු මුදල ව්‍යවස්‌ථාවෙන් සීමා කළ යුතු නැද්ද?
 
 ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී විජිත හේරත් මහතා (ජවිපෙ) - සියලු ජන කොටස්‌වල අයිතීන් ආරක්‍ෂා වන නව ව්‍යවස්‌ථාවක්‌ රටට අවශ්‍යයි කියන මතයේ අපේ පක්‍ෂය ඉන්නවා. යවුද්ධයක්‌ නැවත රටේ ඇති වීමට ඉඩ තිබෙනවානම් ඒ ඉඩ ප්‍රස්‌ථාවන් ඇහිරීම මහජන නියෝජිතයන් වන අපගේ වගකීමයි.
 
 අපේ රටේ ජාතික ප්‍රශ්නය කාගේවත් බලපෑමකට යටත්ව විසඳන්න අවශ්‍ය නැහැ. බෙදුම්වාදී ත්‍රස්‌තවාදය දැන් ඉවරයි. ඒත් දැන් ජාතික සමගිය ගොඩනැගිය යුතුයි. ඒ ජාතික සමගිය, ආගමික සහජීවනය ගොඩනැඟීම සඳහා නව ව්‍යවස්‌ථාවෙන් දායකත්වයක්‌ ලැබෙයි කියන මතයේ සිට අපි නව ව්‍යවස්‌ථාවට සහාය දෙනවා.
 
 විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව තමන් එකඟ නැතැයි කීමට ශ්‍රීලනිපයට අයිතියක්‌ නැහැ. ජනාධිපතිවරයා ඒ සඳහා පොරොන්දු වී තිබෙනවා විධායක ජනාධිපති ධුරය අහෝසි නොවන්නේ නම් එතන නව ව්‍යවස්‌ථාවක්‌ නැහැ.
 
 උතුරු නැගෙනහිර වෙන් කිරීමේ ඓතිහාසික උසාවි තීන්දුව ජනතා විමුක්‌ති පෙරමුණ එදා උසාවි ගිහින් ලබා ගත්තා. ජාතික සමගිය රටට අවශ්‍යයි. එදා උතුර සහ නැගෙනහිර වෙන් කරන්න අරගල ජවිපෙ අද යළි එය එකතු කරන්න දෙන්නෙ නැහැ. කවුරු හරි ෙµඩරල් පාලනයක්‌ ගැන හිතනවානම් එය සිහිනයක්‌ පමණයි. රට කඩන, රට බෙදන ව්‍යවස්‌ථාවකට අපි කිසිසේත් ඉඩ දෙන්නෙ නැහැ.
 
 මාතර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා (එජනිස) - මේ විවාදය ඓතිහාසිකයි. හැබැයි විකාර රූපියි. ඒ වගේම ආණ්‌ඩු කරන පක්‍ෂවල එකඟතාවයක්‌ නැති නිසා මේ විවාදයට සුජාතභාවයකුත් නැහැ.
 
 අපේ මෙම විවාදයට ඉහළින් ජනාධිපතිවරයා සර්ව පාක්‍ෂික සමුළු කැඳවා සාකච්ඡා කරන බවට අද මාධ්‍යවල ප්‍රවෘත්ති පළ වී තිබෙනවා. 78 ව්‍යවස්‌ථාව ගෙන ආවේ පාර්ලිමේන්තුව අමතක කළ යුතු බව හිතූ එක පුද්ගලයකුගේ වුවමනාවටයි. විධායක ජනාධිපති ක්‍රමය සහිත ව්‍යවස්‌ථාවක්‌ පාර්ලිමේන්තුවට ගෙන ආව. ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිද හරි? නැත්නම් විකල්ප ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය බව කියමින් ව්‍යවස්‌ථාව ගිනි තියපු මන්ත්‍රීවරුන් ද හරි?
 
 අනාගතය පිළිබඳ අභිලාෂයන් වගේම සැකයන් රාශියක්‌ ද තිබෙනවා. ආණ්‌ඩුව අභිලාෂයට ආමන්ත්‍රණය කරනවා. සැකය ගැන හිතන්නෙ නැහැ.
 
 දිවා විවේකය සඳහා පස්‌වරු 12.30 ට සභාව කල් තැබුවේය. යළි පස්‌වරු 1.00 ට සභාව රැස්‌විණි.
 
 අලහප්පෙරුම මහතා - දමිළ පුරවැසියන් මේ රටේ දෙවැනි පුරවැසියන් කියනවට අපිත් කැමති නැහැ. ඒත් ආණ්‌ඩුව යම් අප්‍රකාශිත අරමුණක්‌ ඉටුකර ගන්න යනවනම් අපි එය අනුමත කරන්නෙ නැහැ.
 
 මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා - ඩලස්‌ අලහප්පෙරුම මහතා එදා සුදු නෙළුම් ව්‍යාපාරය යටතේ නව ව්‍යවස්‌ථාවක්‌ ඕනෑ යෑයි කියමින් ගමින් ගමට ගියා. ඒකීය නොවේ එක්‌සත් රටක්‌ එදා ඔවුන්ගේ අරමුණ වී තිබුණා. සුදු නෙළුම් ව්‍යාපාරයේ ආරම්භක රැස්‌වීමේදී ජී. එල්. පීරිස්‌ මහතා ප්‍රකාශ කර සිටියා. මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක්‌ ඇති බව. අද ඔහු නොපිපෙන පොහොට්‌ටුවක නායකයෙක්‌ වෙලා සිටිනවා.
 
 සැබෑ ශ්‍රී ලාංකිකයන්ගේ ජනනායකයෙක්‌ ලෙස හැඳින්විය හැකි වන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතායි. උතුරෙත් දකුණෙත් ලක්‍ෂ 62 කට වඩා ජනතාව ඔහුට ඡන්දය දුන්නා. උතුරු නැගෙනහිර කියලා කිසිම වෙනසක්‌ නැතිව ඔහුට ඡන්දය ලබා දුන්නා. මැතිවරණයේදී පොරොන්දු වූ පරිදි ව්‍යවස්‌ථාදායක සභාවක්‌ ඇති කරන්න ඔහු කටයුතු කළා. විමල් වීරවංශ මහතා විතරයි ඒ ව්‍යවස්‌ථාදායක සභාවට සහභාගි නොවුණේ. 
 
 ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ජනතාව ව්‍යවස්‌ථාවක්‌ වුවමනා බව පැවසුවත් මැදමුලන වළව්වේ එහෙයිකම් කරපු අයට ඒ බව තේරෙන්නෙ නැහැ. ඒත් රටේ යළි භීෂණයක්‌, ප්‍රචණ්‌ඩත්වයක්‌ ඇති වෙන්න ඉඩ දිය නොහැකියි. ප්‍රතිසංවිධානය ගොඩනැගුණු රාජ්‍යයක්‌ බවට ශ්‍රී ලංකාව පත් කළ යුතුයි. මේ ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීමෙන් පසු ශ්‍රී ලංකාව නව දිශාවකින් ඉදිරියට ගමන් කරනවා.
 
 ආර්ථික සෞභාග්‍යය සහ සංවර්ධනය මේ ස්‌වර්ණමය අවස්‌ථාවේදී අපි ලබාගත යුතුයි.
 
 මහා මාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා - ජී. එල්. පීරිස්‌ මහතා එක්‌සත් සහ ස්‌වාධීන ව්‍යවස්‌ථාවක්‌ ගැන එදා කතා කළා. බුද්ධාගමට හිමි තැන පිළිබඳව කියවෙන වගන්තියක්‌ එම ව්‍යවස්‌ථාවේ තිබුණේ නැහැ. ඒකීයත් නැහැ. ඒ වගේ බුද්ධාගමට හිමි තැනක්‌ එදා කතා කළ ව්‍යවස්‌ථාවෙන් නැතිකර තිබුණා. මම ඒ ව්‍යවස්‌ථාවට කැමැතියි. ඒත් අපේ පක්‍ෂය ඒකීය වචනයට කැමති නිසා මමත් අද ඒකීය කොටසේ ඉන්නවා.
 
 මේ යෝජනාවලියේ තිබෙන යෝජනා සම්බන්ධයෙන් සියලු පක්‍ෂවලට නම්‍යශීලී වෙන්න සිදුවෙයි. තම තමන්ගේ පක්‍ෂවල ඉල්ලීම් වල උපරිමයටම යන්න කාටවත් නොහැකි බවයි. බඩ මැද්දෙන් මස්‌ රාත්තලම ඉල්ලලා මේ ව්‍යවස්‌ථාව සම්මත කරන්න හම්බු වෙන්නෙ නැහැ. අපි යම් මධ්‍යස්‌ථ තැනකට එන්න වෙයි.
 
 කාඩ්බෝඩ් වංශලා බෝම්බ ගහයි කියලා බයේට අපි මේ ව්‍යවස්‌ථාව සම්මත නොකර ඉන්නෙ නැහැ. ජනාධිපතිවරයා සර්ව පාක්‍ෂික සමුළුවක්‌ කැඳවනවා කිව්වේ පාර්ලිමේන්තු විවාදයට උඩින් නොවේ. අපි තම පක්‍ෂයේ මතය නම්‍යශීලී කර නොගත හොත් කාඩ්බෝඩ් වංශලාට උඩ ගෙඩි දීමක්‌ වෙනවා.
 
 නව ව්‍යවස්‌ථාව වෙනුවෙන් නම්‍යශීලී වෙන්න ශ්‍රීලනිපය සූදානම්. ජාතික ප්‍රශ්නයක්‌ එක්‌ක තව දුරටත් µqට්‌ බෝල් ගහන්න අපේ කැමැත්තක්‌ නැහැ. ව්‍යවස්‌ථාවක්‌ හදන්න තිබෙන අන්තිම බස්‌ එක තමයි මේ යළිත් වරක්‌ සම්බන්ධන් මහත්තයලා zඒකීයZ වචනයට කැමති වෙන්නෙත් නැහැ. බුද්ධාගමට හිමි තැනට කැමති වෙන්නෙත් නැහැ. මේ වගේ පාර්ලිමේන්තුවක්‌ බිහිවෙන්නෙත් නැහැ. 
 
 පත් කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජවිපෙ) - අපි මේ ව්‍යවස්‌ථාවට කැමති වුණේ අපේ මැතිවරණ ප්‍රකාශවල නව ව්‍යවස්‌ථාවක්‌ ගැන තිබූ නිසාම නොවේ. ජනතාවට නව ව්‍යවස්‌ථාවක අවශ්‍යතාවයක්‌ තිබූ නිසයි. හැබැයි ව්‍යවස්‌ථාව පිළිබඳ මාතෘකාව ජාතිවාදය සමඟ පටලවා ගන්න එපා. ජාතික ප්‍රශ්නය සමග පමණක්‌ නොවේ විධායක ජනාධිපති ධුරය සමගත් ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක µqට්‌ බෝල් ගැහැව්වා.
 
 හැබැයි විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියමින් විධායක අගමැති ධුරය හදනවානම් එය විධායක ධුරය නැති කිරීම නොවේ. ජනතා විමුක්‌ති පෙරමුණේ අපට දිනා ගන්න හැකි ඡන්ද ගණන ඉලක්‌ක කරගෙන දේශපාලනය කරන්නෙ නැහැ.
 
 සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්‌තර රාජිත සේනාරත්න මහතා - විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මා හැමදාම අභීතව පෙනී සිටියා. ඒත් 18 වැනි සංශෝධනයට අත ඔසවා මහා පාපකර්මයකට දායක වීමට අපට සිදුවුණා. මේ ව්‍යවස්‌ථාව හදන වැඩේට විරුද්ධ වන කාට හෝ අනාගතයේදී ලඡ්ජා වෙන්න සිදු වේවි.
 
 තමන්ගෙ බලතල කප්පාදු කිරීම සෙසු පක්‍ෂවල ද සහාය ඇතිව ජනාධිපතිවරයා සිදු කළා. එය ඉතිහාසයේ වැදගත් සන්ධිස්‌ථානයක්‌.
 
 බලය බෙදීම ගැන අද මෙන්ම එදත් ප්‍රබල ලෙස සාකච්ඡාවන් පැවැත්වුණා. මේ ව්‍යවස්‌ථාවට කවුරු හෝ විරුද්ධ වෙනවා නම් ඊට වඩා දේශෙද්‍රdaහියෙකු කොහේවත් නැහැ. තිබෙන ව්‍යවස්‌ථාවටත් වඩා රටේ ඒකීය භාවය තහවුරු වන ව්‍යවස්‌ථාවක්‌ තමයි අපි ගේන්නේ. එහෙම තත්ත්වයක්‌ තුළ ටී.එන්.ඒ. එක මේ අවස්‌ථාවට කැමති වීම පිළිබඳව අපි සතුටු විය යුතුයි.
 
 රටේ දූෂිත පාලනයන්ට අත පොවන මැතිවරණ ක්‍රමය අපි වෙනස්‌ කරන්න ඕන. මේ මැතිවරණ ක්‍රමය නිසා රටට සිදුවූ අවැඩ බොහෝමයි. එක පක්‍ෂයේ මන්ත්‍රීවරුන් මිනී මරා ගත්තා. සතුරන් වුණා.
 
 මඩකලපුව දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ශ්‍රීනේෂන් මහතා (ද්‍රජාසං)-
 
 1956 දී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් භාෂාව අතින් අප පහළට වැටුණා. තවත් ගිවිසුම් ඇති කර ගත්තත් ඒ ගිවිසුම් වලින් දෙමළ ජනතාවට සාධාරණයක්‌ ඉටුවුණේ නැහැ. හිත් රිදුම් සිදුවුණා. මත භේද ඇති වුණා. ආයුධ අතට ගැනීමෙන් කුරිරු යුද්ධයක්‌ දක්‌වා ඒ ගැටුම් වර්ධනය වුණා.
 ෙµඩරල් යනු බලය බෙදීම නොවේ. බෙදුම්වාදය ලෙස එය හංවඩු ගහන්නේ රාජ්‍ය පාලනයට බැල්ම දාන ජාතිවාදීනුයි.
 
 ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා-
 
 රටේ මෙතෙක්‌ හදපු කිසිම ව්‍යවස්‌ථාවක්‌ මහජන මතය විමසා නිර්මාණය කරලා නැහැ. අපි එම කර්තව්‍ය ඉතා විනිවිද භාවයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව සිදුකරනවා. ඒත් ජාතිය සහ ආගම ඉස්‌සරහට දාලා ඒකාබද්ධයේ මන්ත්‍රීවරු බලය ලබා ගන්න නින්දිත උත්සාහයක නිරත වෙනවා.
 
 මේ අනුකමිටු වාර්තාව අනුව යමින් අවශ්‍ය සංශෝධන සිදුකර නව ව්‍යවස්‌ථාව නිර්මාණය කරනවා. එය පාර්ලිමේන්තුවේ 2/3 න් සම්මත කරගෙන ජනමත විචාරණයකට ගොස්‌ නීතියක්‌ බවට පත්කර ගන්නවා. රටේ දේශපාලන පක්‍ෂ හැම එකක්‌ම විධායක ජනාධිපති ධුරය එපා කියන තැනට පැමිණෙමින් සිටිනවා.
 
 රත්නපුර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර මහතා (එජනිස)-
 
 ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට අපිත් අතීතයේ පටන්ම පෙනී සිටියා. ඒත් මේ අවස්‌ථාවේදී අපි ඒ අදහසේ නැහැ. ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කරනවානම් එය ඉදිරි මහ මැතිවරණයෙන් පසුව සිදුවිය යුතු බව අපේ මතයයි. මේ මොහොතේදී ජනාධිපතිගේ බලතල කප්පාදු කළහොත් එහි වාසිය අගමැතිවරයාට යනවා. එවැනි දෙයකට අපි කොහෙත්ම එකඟ නැහැ.
 
 සිංහල ජනතාව මේ රට කැබැලි වනවාට අකමැතියි. දෙමළ ජනතාවට තමන්ට වෙනම පාලනයක්‌ ඇවැසි බව කියනවා. දෙමළ ජනතාවගේ අභිලාෂය සිංහල ජනතාවට සැකයක්‌. සිංහල ජනතාවගේ අභිලාෂය දෙමළ ජනතාවට සැකයක්‌. මේ තත්ත්වය තවමත් තුරන්වෙලා නැහැ.
 
 ප්‍රාදේශීය සංවර්ධන ඇමැති µSල්ඩ් මාර්ෂල් සරත් ෙµdන්සේකා මහතා-
 
 කොතරම් ගල්මුල් ගැසුවත් බාධක හරහා අපි මේ ගමන යා යුතුයි. එනිසා මේ ව්‍යවස්‌ථාව සංශෝධනය කළ යුතු වෙනවා. රට ඉදිරියට යාමේදී නොයෙක්‌ අවස්‌ථාවල අප ව්‍යවස්‌ථා සංශෝධනවලට මුහුණ දුන්නා. අද ලෝකයේ කිසිම ජාතියකට තවත් ජාතියක්‌ පාගාගෙන ඉන්නබෑ. සම අයිතීන් ඇතිව සියලු දෙනා විශ්වාසයෙන් හා අෙන්‍යාaන්‍ය සහයෝගයෙන් රට ගොඩනැංවිය යුතුයි.
 
 මාතර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා (එජනිස)-
 
 ජනාධිපතිවරයාට විධායක බලතල හිමි 78 ව්‍යවස්‌ථාවට අපි මුලසිට විරුද්ධ වුණා.
 
 (නියෝජ්‍ය කාරක සභා සභාපති මුලසුනට පැමිණේ)
 
 ගජධීර මහතා-
 
 සුළු ජාතීන්ට ඒකීය රාජ්‍ය තුළ බලය බෙදීම අපේ පක්‍ෂයේ සංකල්පයයි. වතුකම්කරුවන්ට මෙරට පුරවැසි භාවය ලබාදිය යුතු යෑයි කියූ පක්‍ෂයක්‌. මේ ව්‍යවස්‌ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ආවත් එය යහපාලන ආණ්‌ඩුවේ කෙටුම්පතක්‌. මේ පිළිබඳ තවම ප්‍රධාන පක්‍ෂ දෙකේ එකඟත්වයක්‌වත් නෑ.
 
 පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමි (එජාප)-
 
 උතුරේ කළ යුතු දේ අප පසුගිය කාලේ සිදු කළාද. ඒ ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීමට අප කටයුතු කළේ නෑ. උතුරේ ජනතාව දිනාගන්න රජය අසමත් වුණා. සංස්‌කෘතික පාලමක්‌ ඉදිකර දෙපාර්ශ්වය අතර සබඳතා ගොඩනංවන්න කටයුතු කර නෑ.
 
 මේ නව ව්‍යවස්‌ථාව ජාතික සංහිඳියාවට විසඳුමක්‌ ලබා දෙනවාද යන්න සැකයක්‌. ඒ අනුව ජනමත විචාරණයකට තුඩුදෙන ව්‍යවස්‌ථා සංශෝධනයකට යන්න අපි කැමැති නෑ. පළාත් සභාවලට බලය දීමෙන් විසඳුමක්‌ ලැබෙන්නේ නෑ. විධායක බලතල ඉවත් කළ පමණින් රටේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නෙ නෑ. ආණ්‌ඩුවේ ප්‍රධාන පක්‍ෂ දෙක අතරවත් මේවා ගැන එකඟත්වයක්‌ නැත්නම් මේ සාකච්ඡා කරන එකේ තේරුමක්‌ නෑ.
 
 ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක මහතා-
 
 පොදු ජනතාවගේ අදහස්‌ විමසලා මේ විදිහට ව්‍යවස්‌ථා සකසන කාලයක්‌ අප මින් පෙර දැක නෑ. අපි කාගේත් අදහස්‌ සාවධානව සැලකිල්ලට ගෙන අනාගත පරපුර ගැන, රට ගැන හිතලා අවංකව කටයුතු කරනවා. පටු දේශපාලන අදහස්‌ ඇති අතළොස්‌ස හැර අන් අයගේ අදහස්‌ සැලකිල්ලට ගත යුතුයි.
 
 අප නොදකින දේ ශ්‍රීලනිපය දකින්න පුළුවන් අප දෙගොල්ලන්ම නොදකින දේ ජවිපෙ දකින්න පුළුවන්. එනිසා මේ සෑම අදහසක්‌ම සැලකිල්ලට ගැනීම වැදගත්.
 
 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාව අද (01 දා) පෙරවරු 10.30 ට රැස්‌වේ.
http://divaina.com/daily/index.php/visheshanga3/2228-2017-10-31-12-26-32
 

Wednesday, October 4, 2017

ගොනා හැරෙත්..අනේ තණපත්.. පැනීමේ අගතැන්පත්

රාජිත දත් දොස්තර 
දැන් ලෙඩුන්ගේ හොරුන්ගේ 
මොලත් පරීස්සා කොට සහතික දෙයි! 
එයාගේ මොලේ අනර්ගයිලු..

ඔය හැරෙන්නේ ගොනා..

ගොනා හැරෙත්..අනේ තණපත්.. පැනීමේ අගතැන්පත්

Tuesday, August 29, 2017

2020 ත් ළඟයි නේද?



2020 ට ලෑස්ති වෙමු නේද??
දැන් වේලාව හරි, නේද?
දෙපැත්තේ තුන් පැත්තෙ උදවිය දාං අදින හැටි
වේලපහින්ම බලල ගේමට බැස්සනම් හොඳයි නේද?

විගණන පනත සම්මත කර ගැනීම තල්ලු කර ගත යුතුයි! නේද?
අලුත් ව්‍යවස්තාව සම්මත කර ගත යුතුයි නේද?
ආණ්ඩු පක්ෂයේ එවුන් FCID ෆයිල් උස්සනව කියන්නේ ඇත්තද?
සෙංකෝල උස්සන් යයි, තුනට හතරට කැඩෙයි!
රටේ විශාල ප්‍රදේශයකට වතුර නැතිය. නියඟය ය. බඩගින්න‍ය. පිපාසය ය.
ඉන්දියන් ටෙලිනාට්‍ය වසංගතයෙන් සියලුම කලා ඔද්දල් වී ඇත.
රටම මතින් ගිලගෙන ඇත.

2020 ට ලෑස්ති වෙමු නේද??
දැන් වේලාව හරි, නේද?
දෙපැත්තේ තුන් පැත්තෙ උදවිය දාං අදින හැටි
වේලපහින්ම බලල ගේමට බැස්සනම් හොඳයි නේද?

Thursday, June 22, 2017

පරාක්‍රම කොඩිතුවක්කු


අද අවශ්‍ය වන්නේ ආර්ථික නායකත්වයක්

Wednesday, ජුනි 21, 2017 - 01:00 Dinamina

පරාක්‍රම කොඩිතුවක්කු

විශිෂ්ට ගණයේ සිංහල කවියකු වන ඔහුගේ “පොඩි මල්ලියේ” කෘතිය විචාරක ප්‍රසාදයට ලක් වූ අතර, “ඔටුන්න හිමි කුමාරයා” ඉන් අනතුරුව පළ කෙරිණි. රශ්මි: භාව කාව්‍ය,දිවමන් ගජමන්,දේවින්ගේ මිනිසුන් වැනි කෘති පළ කළ ඔහු, ඔබ සමඟ,ක්ලැරා වැනි ආන්දෝලනාත්මක නවකතා බිහි කළේ ය. 'රෝස මල් රතුයි ප්‍රියේ - ගීත ලෝකයේ විප්ලවය ' ඔහුගේ නවතම කෘතියයි. මේ ඒ පිළිබඳ ඔහු සමඟ කළ සාකච්ඡාවකි.

ඔබේ සෑම පොතකම වාගේ පිටකවර හා ඇතුළත නිමාවෙහි ඉතා විචිත්‍රකරණයක් පාඨකයා දකිනවා. පොතකින් පොතක් වෙනස්. මේ පිළිබඳ කතා කළොත්?

මම ඒ ප්‍රශ්නය ආදරයෙන් බාර ගන්නේ එය විග්‍රහයක් ඉල්ලන ප්‍රශ්නයක් නිසයි. අපේ රටට නවීන මුද්‍රණ ශිල්ප ඇවිත් ඇතත් තාමත් නිර්මාණාත්මක මුද්‍රණ කලා ශිල්පයන් ගොඩනැගී නැති බව මගේ අත්දැකීමයි. තවමත් පිටකවර, පොත් සිතුවම්, මුද්‍රණ රටා, මෝස්තර ආකෘතීන් විවිධත්වයෙන් දියුණු වී නැහැ. වික්‍රමසිංහ, අමරසේකර, ජයතිලක, සරච්චන්ද්‍ර වැනි සම්භාව්‍ය සාහිත්‍යධරයින්ගේ පවා 50 – 60 -70 දශකවල පළ වූ පළමු පොත්වල පිටකවර හා ඇතුළත නිමාවන් බලන්න. ඒවා කෙතරම් දුර්වලද? ඒකාකාරයි. අදත් අපේ රටේ බහුතරයක් ලේඛකයන්ට තමන්ගේ ලිවීමේ කලාව ගැන මිස, මුද්‍රණ කලා ශිල්පය ගැන අවබෝධයක් නැහැ. බොහොමයක් පොත්වල චරිතයක මුහුණුවරක් නැහැ. දියුණු රටවල පොත් ප්‍රකාශකයන් පොත් මුද්‍රණයේ දී පොතේ චරිත මවා පෑමට දැඩි ප්‍රයත්නයක් යොදවනවා. පොත වෙ‍ළෙඳ පොළේ අලෙවියට තබන භාණ්ඩයක්. එය මුද්‍රිත කඩදාසි එකතුවක් නෙමෙයි. පොතකට ද්‍රව්‍යමය ශරීරයක් තිබෙනවා වාගේ ම, මානසික මුහුණුවරක් තිබිය යුතුයි. නරක පිටකවරයක් කියන්නේ මුහුණක් නැති පොතක්. බටහිර පොත් ලෝකයේ පොත්වල නිමැවුම් ශිල්ප කලාව වෙනම ශිල්පයක් ලෙස ඉගැන්වෙනවා. Chip Kidd නම් පිටකවර ශිල්පියා මෙහෙම කියනවා. “... පොත් වෙළෙඳාම විශිෂ්ට ප්‍රකාශන කලාවක්. අසාර්ථක පිටකවරය නිමාව නිසා ම හොඳ පොතක් වෙළද භූමියේදී ගිලී යනවා. ප්‍රකාශකයා, ලේඛකයා හා පාඨකයා යන තුන්දෙනාටම පිටකවර ශිල්පියා වගකිව යුතුයි.”

මේ කියමන්වලින් පෙනී යන්නේ, අමෙරිකාවේ පොත් පිටපත් 6000කින් ප්‍රකාශකයින් මුද්‍රණයට අනුමත කරන එක් පොතක් ගැන ඔවුන් කෙතරම් අවධානයක් දක්වනවාද යන්නයි. මාක්ස් පවා තම පක්ෂයේ පුවත්ප‍තේ කවියක් පළ කිරීමේ දී එය මුද්‍රණය විය යුතු අකුරු, රටාවන්, නිමාව ගැන පිටු සංස්කාරකට වෙනම උපදෙස් දී තිබෙනවා. සේකර හා සිරි ගුණසිංහගේ පොත් කවර නිමාව උසස් වූණේ, ඔවුන් සතුව තිබුණු චිත්‍ර කලා අව‍බෝධ ඥානය නිසයි. ඉන් පසු හොඳ පිටකවර ශිල්පීන් කීප දෙනෙක් බිහිවු ණා.

ඔබේ පොත්වල පිටකවර නිමාව ගොඩනගා ගත්තේ කොහොමද?

මම මුලදී පුහුණු චිත්‍ර ගුරුවරයකු නිසාත්, බටහිර පොත් මුද්‍රණ කලාව ගැන යම් හැදෑරීමක් කර තිබුණු නිසාත්, මා මෙතෙක් පළ කර ඇති පොත් 25ම ආකෘති හා නිමැවුම් රටා සකසා ගැනීමේ දී මාත් මැදිහත් වුණා. එයින් මා ලැබුවේ ආස්වාදයක්. ගුණසිරි කොළඹගේ ,ස්වර්ණසිංහ ,කරුණාසිරි විජේසිංහ වැනි ඉහළ සිත්තරුන් හා එක්වීමේදීත්, ප්‍රසාද් සමරසේකර, ශාන්ත හේරත්, සමන් ඉන්දික වැනි පරිණත ශිල්පීන්ට සම්බන්ධ වීමේදීත් මට අවශ්‍ය නිමාව මම ඔවුන්ගෙන් ලබා ගන්නවා.

1970 වනවිට නවීන මුද්‍රණ ශිල්ප විධි ආවා විතරයි. එදා ලබාගත හැකි හොඳ ම මුද්‍රණාලයක් වූ ‘දීපානි’ මුද්‍රණාලය යි මගේ මුල් පොත් තුනම මුද්‍රණය කළේ. ඒ පොත් තුනේ ම පිට කවර සිතුවම් හා අකුරු රටා කළේ මම ම යි. 1973 අකීකරු පුත්‍රයකු ගේ ලෝකය කවි පොතේදී, අසම්මත චරිතයක් පොතේ මුහුණුවරම ලබා දීමට මට අවශ්‍ය වුණා. එදා අකුරු අමුණන බාසුන්නැහේලා සමඟ දිවා රෑ වැඩට සහය වුණා. පොතේ දකුණු පැත්තේ ඉහළ සහ පහළ දෙ‍කෙළවරේ ත්‍රිකෝණාකාර කැපුම් දෙකක් කිරීමට තිබුණු බ්ලේඩ් යන්ත්‍රයට, එක එක පොත බැගින් දමන්නට දැඩි වෙහෙසක් දැරුවා. ඒ ආකෘතියේ පොතක් ඉන් පසු බිහි වී නැහැ. ඇතැම් පොතක කවරයක් ඇතුළත සිතුවමක් සඳහා ඉතා පරණ පත්තර කැබැල්ලක්, ගසක කොළයක්, පිහාටුවක්, අන්තර්ජාලයේ පින්තූරයක් පවා පරිගණක ශිල්පියාට ලබා දී විශේෂ නිමාවක් සකසා ගත්තා. මෙකල බිහිවන බොහෝ කවි, නවකතා පොත්වල පිටකවර ඇතුළත නිමාව දකින විට දුකක් ඇති වෙනවා. අද සෑම නිර්මාණකරුවකුටම මුද්‍රණ ශිල්ප මෝස්තර කලාව ගැන යම් තේරුමක් තිබෙනවා නම් ඉතා හොඳයි.

වරෙක,ඔබ විසින් රචිත'දිවමන් ගජමන්' කාව්‍ය කෘතියේ පිටකවරය සඳහා සම්මානයක් හිමි වුණා. ඒ විශේෂත්වය පිළිබඳ කතා කළොත්?

හොඳ ම පිටකවරයක් ලෙස සම්මානය ලැබූ මගේ ‘දිවමන් ගජමන්’ කවි පොතේ පිටකවරය සිතුවම් කළේ විශිෂ්ට සිත්තරකු වන ගුණසිරි කොළඹගේ. මා ඔහුට පැහැදිලි ක‍ළේ,එම පිට කවරය මඟින්, ගජමන් නෝනාගේ දැඩිතර පීඩිත ආධ්‍යාත්මය පිළිබිඹු විය යුතු බවයි. ගජමන් නෝනා ගැන සමාජයේ ඇඳ තිබුණු අනුරාගික ස්ථූල දේහය වෙනුවට, ඇගේ බුද්ධි ශක්තිය පළ කරන ලොකු දෙනෙතක්, සිහින් උස් කයක් ප්‍රතිනිර්මාණය කළ යුතු බවයි. දෙනිපිටිය නුගේ අරළුවැල් ඇගේ සිරුරේ වෙළී ඇති සැටි... ඇගේ දහසක් සිතුවිලි සේ ඉහට උඩින් හංස රංචු පියඹායන සැටිත්... දෙනිපිටිය වැව ඇය ළඟ රැලි නංවන සැටිත් පිළිබිඹු වූ ඒ පිටකවරය, පාඨක සමාජයම සලිත කළා. හෙන්රි ජයසේන මහතා මට දිගු ලියුමක් එවමින් ලියා තිබුණා. “... පිටකවර සිතුවම මාව කම්පනය කළා. සැබෑ ගජමන් නෝනාගේ ආත්මය මැවී පෙනුණා. මට සිහි වුණේ බටහිර චිත්‍රපට නිළියක් වූ ෂර්ලි මැක්ලීන්ගේ අරගලකාරී රඟපෑමයි. මෙය නම් අලුත් ම සංකල්පීය ජයග්‍රහණයක්.” පොතක පිටකවරයට හා නිමාවට, පොතටත්, පොත් සමාජයටත් මහත් බලපෑමක් කළ හැකියි. අද රොබෝ යන්ත්‍රයක මුහුණුවර පවා සැලැසුම් කරන්නේ චිත්‍රකාරයන්. අලුත් කාරයක ඇතුළත ඇති සුවඳ වැනි ‘පොත් සුවඳක්’ පාඨකයා අවදි කරනවා.

ඔ‍බේ ප්‍රධාන සාහිත්‍යාංගය කවිය යි. ඔබ දෙස් විදෙස් සම්මාන ලබා ඇත්තේ කාව්‍යයට යි. ඒ අතරම ඔබ නවකතා, කෙටිකතා ලියනවා. ගීත රචනා කර තිබෙනවා. සාහිත්‍ය විචාර වගේම, දේශපාලන විචාර කරනවා. මෙසේ විවිධ ප්‍රබන්ධවලට ගමන් කරන්නේ ඇයි? ඒ කොහොමද?

එය තැනින් තැනට යන ගමනක් නෙමෙයි. එය තමා නිර්මාණකාරයකුගේ සංකීර්ණ පැවැත්ම. එක ම නිර්මාණකරුවා විවිධ ප්‍රකාශන මාර්ගවලට ගමන් කිරීම. එහි මහිමය නම්, ඒ විවිධ මාර්ග එක් එක් මංසන්ධිවලදී හමු වීමයි. ඒ වගේම, සියලු කලාවන් අතරින් සංගීතය හා කවිය සෞන්දර්ය මූලයක් හා සමානයි. කෙටිකතාවටත්, නව කතාවටත්, කවිය, සංගීතය එක් වෙනවා. ඒ සෞන්දර්ය රසායනය නැතුව ගියොත්, නවකතාව, චිත්‍රපටය, නාටකය ඒ සියල්ල ආත්මහීන වෙනවා. විරාගය චිත්‍රපටයේ අරවින්ද රෝගාතුරව, බතීගෙන්, සරෝජිනීගෙන් සාත්තු ලබන නිහඬ රූපරාමු පෙළ පරීක්ෂා කර බලන්න. ඒ මඟින් හෘදය සංගීතයක් ගමන් කරනවා. ගැයුම් වැයුම් නැති රැයෙහි පාළු ගෙවල් මණ්ඩියක් හරහා තිස්ස ගමන් කරනවා දක්වන වැනුමක්, යුගාන්තය නව කතාවේ තිබෙනවා.

... හිස් අසුන් බහුල විදුලි රිය සීනුව හඬව හඬවා මහ පාර දෙදරවමින්... බීමත් වූ රික්සෝකාරයකු දොඩවමින්... හතරවන හරස් වීදිය පටන් ගන්නා තැන මහපාරේ මූසල වාතාවරණය... රා තැබෑරුම රා ගඳ... ඈතින් වූ බෝරුක ඉඳහිට මහා සුසුමක් හෙළන්නාක් මෙන් සරසර හඬ නගා... පාළු බස් නැවතුම් පළ... වැසිකිළියෙන් නගන දුගඳ... මස් කඩයෙන් පැතිරෙන ලේ ගඳ... අපිරිසුදු තේ වතුර කඩ...

මෙහිදී වික්‍රමසිංහ මහා අපිරිසුදු සමාජයක චිත්‍රයක් අපේ ඇස් ඉදිරියෙහි එල්ලනවා.

මේ දූෂිත සමාජය පිරිසුදු කිරීමේ සිහිනය දකින තිස්සගේ ජීවිතය, හුදෙකලාවක ලබන පීඩනය කොඳුරා කියන කවි හඬක්, සිතුවමක් ඒ ලිවීම තුළ ගැබී වී නැද්ද?

කවිය තුළ ම සංගීතය හැසිරෙන අන්දම මේ කවිය තුළ පරීක්ෂා කරන්න පුළුවන්.

...එවිට මට ඇසේ
මල් පිපෙන හැටි
මම සවන් දී හිඳිමි
සඳ නැගෙන හැටි
ඉර බහින සද්දය
මිහිරි සංගීතයකි
යාන්තම් මඳහසක
රත් දෙතොල් ඇරෙන හඬ
මේ සියල්ලම ඇසෙත
සවන් දෙනුවන්ම වේ
එවිට ලියවෙන කවිය
මගෙ හොඳ ම කවිය වේ
(ලියනගේ අමරකීර්ති
හමුවෙද අපේ වෙණ තත)

විඥානය පිබිදීම තුළ, නිර්මාණ කලාව තුළ අපේ පංචේන්ද්‍රියයන්, ඉන්ද්‍රියයන් 150ක් වන බවත්, අපේ ද්විමානය හෝ ත්‍රිමානය 12 මානයක් වන බවත්, සත්ගුරු වාසුදේවන් ඉසි පවසනවා. වැන්ගෝ ගේ කම්කරු චිත්‍රවලින් අපට වැඩ කරන මිනිසුන්ගේ කතන්දර හඬ ඇසෙනවා. නිර්මාණකාරයා විවිධ කලාවන්ගේ සීමා කඩඉම් ඉක්මවමින් ඒ සියල්ල සමඟ ‘සමග විසුම’ යන විශ්වීය වින්දනයට ගමන් කරනවා. මෙය කලාවේ මහා උමඟට ඇතුළුවීමේ දී සිදුවන දෙය යි. සියලු කලාවන් අපේ විඥානය තුළ ඒකාත්මික වීමට දඟලනවා. අනාගතයේදී සාහිත්‍යාංග හඳුන්වන වෙන වෙන නාම පද නැති වී යාවි.

ප්‍රකට සාහිත්‍යකරුවකු වුවත් ඔබමෑතක සිට දේශපාලන විචාරයට වැඩි නැඹුරුවක් දක්වන්නේ කවර අදහසකින්ද?

අදහස් 7 ක් කියනවා.

1.එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකාබද්ධ වී යහපාලනයක් පිහිටුවීම මේ රටේ ඉතිහාසය තුළ නිපදවුණු දියුණුම දේශපාලන නිර්මාණයයි. එය දකින දර්ශනය තිබුණේ චන්ද්‍රිකා ළඟයි. පක්ෂය තුළ සිටින දූෂිතයන් නිසා දැන් එය අබල දුබල වෙමින් පවතින්නේ

2.ජන දිවිය පීඩාවට පත් කරමින් නීතියට ඉහළින් ගලන මේ ප්‍රජාතන්ත්‍රවාදය සමාජ විරෝධී නරුමවාදයක්. රට ගොඩනැගීමට ඊට නොනැමී දැඩි පාලනයකට නායකත්වය යොමුවිය යුතු බව මහජන මතය යි.

3.අද ලොව සෑම රටකටම අවශ්‍ය වී ඇත්තේ දේශපාලන නායකත්වයක් නොව ආර්ථික නායකත්වයක්. මා එය දකින්නේ රනිල් වික්‍රමසිංහ හා පාඨලී චම්පික තුළයි

4. අගතිගාමී පටු භික්ෂූ බලවේග පාලනය නොකළහොත් මේ රටේ බුද්ධිමත් සංස්කෘතියක් ගොඩනැගිය නොහැකියි.

5. අද මේ රටේ පවතින්නේ මහජනයා පත් කළ ආණ්ඩුවකට විරෝධී මාධ්‍ය යුද්ධයක්. එය අද අෙමරිකාවේ නව ජනාධිපතිට එරෙහිව බටහිර රටවල් දියත්කොට ඇති මාධ්‍ය යුද්ධයට සමානයි. පෞද්ගලික රූපවාහිනී ජරාවාහිනි. රජයේ රූපවාහිනිය මෝඩවාහිනියක්. ඒ වැඩසටහන් සම්පාදකයෝ මෝඩ නීතිඥයෝ. ඔවුන් පන්නා දමා ජන සමාජය ශක්තිමත් කරන ශ්‍රී ලංකා ගෝලීය රූපවාහිනියක් ගොඩනගාගත යුතුයි. ඊට අවශ්‍ය ප්‍රඥාවත් දැක්මත් මේ දේශපාලනය තුළ පහළ වී නොමැත.

6. බොරු ජාත්‍යන්තරවාදීන්ට නොව පුරවැසිබලය උදෙසා පෙනී සිටින ප්‍රබුද්ධයින්ට සමාජය සවන්දිය යුතුයි. මුද්‍රිත මාධ්‍ය එය ශක්තිමත් කරන්නට යොමුවීම අවශ්‍යයි.

7.පාඩු ලබන සියලු රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයේ කළමනාකරණයට බාර දී ජනතාව ඒ බදු බරින් නිදහස් කරගත යුතුයි. තවත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට පූර්ණ අනුග්‍රහය ලබාදීම ඉතා අවශ්‍යයි. ජනතා විමුක්ති පෙරමුණේ ව්‍යාජ විරෝධ දේශපාලනය එහි ප්‍රපාතයට ඇවිත් අවසන්.

ඔබේ නවතම ග්‍රන්ථය ‘රෝස මල් රතුයි ප්‍රියේ - ගීත ලෝකයේ විප්ලවය. ඔබ මීට පෙර ජෝති රශ්මි රාත්‍රිය කාව්‍යය, ක්ලැරා නවකතාව රචනා කළේත් අපේ සංගීතය ගැන නව ප්‍රවාදයක් ගොඩනැගීමට යි. ඔබේ අලුත් පොතත් පිදුම ලබා දී ඇත්තේ, දිගු ගවේෂණ 5ක් සිදුකර ඇත්තේත්, ප්‍රෙඩී, සුනිල් පෙරේරා, දීපාල් සිල්වා, සී.ටී හා ඩැල්රින් ගැනයි. පොතේ පෙර වදනට ඔබ ලියා ඇත්තේ This is it කියලයි. මේ ගැන අදහස පැහැදිලි කළොත්?

මිනිසුන් සමඟ කතා කරන සමාජ සිංදු කලාවක් ගොඩනංවා ගැනීමට ඔවුන් කළ සමාජ සත්කාරය ගැන පුළුල් ගවේෂණයක් කිරීමෙනුයි ‍මා මේ පොත සම්පාදනය කළේ. ඒ සමඟ බටහිර ගීත කලාවේ මහා ගමන්මඟ ද මෙහි ආස්වාදනීය ලෙස හෙළි කෙරෙනවා. ඒ ප්‍රවාදය මේ සමාජය තුළ තිබුණේ නැහැ. මේ ඒ අහිමි වූ ප්‍රවාදය කියා පෙන්නීමටයි.

This is it කියා සටහන් කළේ. ප්‍රෙඩී, ක්ලැරන්ස්, සීටී එම්.එස්, ඩැල්රින්, ඉන්ද්‍රානි ගැයූ දේ ගැයූ හඬවල් අපේ සංගීත සමාජය තේරුම් ගත්තාද? ඒ සේරම පීචං කරලා, ව්‍යාජ සුභාවිත කලාවක් තැනීමට වටරවුමේ ගිහින්, සංගීත ප්‍රවාහය ගල් ගැහිලා. අද පැරැණි සිංදු හමුවේ දණින් වැටෙනවා.

ඉතිරි වී ඇත්තේ අමරදේව වන්දනාව විතරයි. බටහිර සංගීත සම්ප්‍රදායට පස්ස හරවලා, ඉන්දීය රාග කොටුවේ සිරකරුවන් වූ පිරිසකට නව ලොව නිදහස් සංගීත කලාවන් හා හෙට දවසට ගායනා කළ හැකිද? අද මුළු ලොව එක්වී අවසන්. පටු මතවාදවල සිර නොවී ඇත්ත ස්වභාවික මිනිසුන් ලෙස ක්‍රියා කළ යුතුයි. විශ්වීය ලෙස සිතිය යුතුයි. ACT NATURALY – THINK GLOBALY. එයයි අද දවසේ ජීවන සූත්‍රය.

Monday, May 29, 2017

වතුර බැස යනු ඇත, අපි ගුලි කණු ඇත!!

වතුර බැස යනු ඇත
බල පෙරේතයෝ හැන්ගුණු බිම් ගෙයින් එලියට එනු ඇත
පච රෝල් කර අත්හරිනු ඇත
ඒවා මාධ්ය විසින් හොඳ දවටනවල ඔතා විකුණනු ඇත
අපි ගුලි කණු ඇත
මහ ජනයාගේ රීරි මාංශ උරා බොනු ඇත
දස ලස්ස ගනන් කාන්තාවන්
අනුනගෙ කුස්සිවල දාසකම්වලට යවනු ඇත
උන් අත පිරිත් නූල් බැඳෙනු ඇත
නැවත වතුර ගලන තුරු,
කඳු නාය යන තුරු
උන් වේදිකාවේ රඟ දෙනු ඇත

Saturday, April 29, 2017

ජවිපෙ ඇත්තටම රැඩිකල්ද? Is JVP genuinly radical?



පසුගිය අවු දෙක තුල වැඩි පෙනුමට ඇඟට දැනෙන දෙයක් නොවුන නිසා මට හිතෙනව  දැන්මම බොහෝ අය  2020 දිහා බලාගෙන ඉන්නේ කියල. දැන් තියෙනවට ජවිපෙට වැඩි බලයක් 2020 මැතිවරනයේදී ලැබෙන එක නම් ඒකාන්තයි! ඒක වරදින්න විදියක් නෑ. ඒක එහෙම වෙන්නත් ඕන. මොකද ඒ කඩේ බඩු ෂුවර්..(ඒ අයම තමන් ගැන දෙන චරිත සහතිකය නිසාම නෙවෙයි මෙහෙම ලියන්නේ.) එක හේතුවක් ජ වි පේ අද මැද පන්තියේ ආකර්ෂනය දිනාගනිමින් සිටිනවා

පසුගිය පවුල් පාලනේ කොටස් කාරයෝ එහෙන් මෙහෙන් 2020  ත් ඉඳියි මේ දැන් ඉන්නව වගේ; හ්ම් ඒකත් සැකයි..සැකයි, සරත් ෆොන්සේකාට දෙන්න යනවයි කියන වගකීම් එක්ක. දැන් පේන විදියට එහෙමමම බලතල දෙන පාටක් නෑ. හැබැයි එකක් කියන්නෝන, ඒ නිව්ස් එකෙන් ඔක්කොම හෙල්ලිල තුස්නිම්බූත වෙලා ගියා..

කෙසේ හෝ වේවා මට තියෙන අවුල අපේ රට ඉස්සරහට ගෙනියන්න පුලුවන් අවංක සාපේක්ෂ වශයෙන් අවංක, කැප වුනු, ජවිපෙ, රටත් ලෝකයත් පැටලී තිබෙන අවුල් ජාලයේ තරමට ඒ කියන්නේ මේ අවුල් ලිහාගෙන කටු පඳුරු බිම්බෝම්බ අස්සෙන් මාර කටවල්වලින් රිංගල, රට ගෙනියන්න ජවිපෙ ප්‍රමාණවත් වශයෙන් රැඩිකල්ද නිර්මානශීලීද කියන එක. එක පැත්තකින් ලාල් කාන්තලගෙ පැත්ත නිකං හුලං බැහැපු ගතියකුත් පේන්න තියෙනව. ඔහුගේ පුද්ගලික ප්‍රශ්න ආදායම් හා දරුවන්ගේ අධ්යාපන ප්‍රශ්න වලින් පීඩනයට පත්වෙලා ද නොදනිමි.

අද ජවිපෙ හැම දෙයකටම විරුද්ධ වෙනව මිසක්ක, කිසිම ගැටලුවකට නිර්මානාත්මක ලෙස මැදිහත්වන බවක් පෙනෙන්න නෑ. පුද්ගලික අද්‍යාපනයෙන් තොර අද්‍යාපනයක් රටකට හිතාගන්න පුලුවන්ද? බදු ගෙවීමේ විශමතා, දිස්ත්‍රික්ක මත පදනම්වම සිසුන් විශ්ව විද්‍යාලවලට තේරීම, ස්ත්‍රීන් පහල රැකියාවලට රට පැටවීම, රටට බරක් වී ඇති අකර්‍යක්ෂම රාජ්‍යය සේවය, ඒක පුද්ගල ආදායම වැඩිකිරීම, රටේ සාරය උරා බොන සුදු අලි ආයතන ආදී බරපතල ගැටලු වලට මැදිහත්වන ආකාරයෙන් නිර්මාණාත්මක බවක් තියෙන බව පෙනෙන්න නෑ. ජාතික ප්‍රශ්නයක් නැති ගාණයි!

ශ්‍රම දාන සංකල්ප වලින් පමනක් තවදුරටත් පෙරට යා හැකිද?  ඉන්දියාව බිල්ලෙක් ලෙස සලකන ප්‍රතිපත්ති ය ඉදිරි ගමනට විශාලකඩුල්ලක් නොවේද? අන්තර් විශව විද්‍යාල බල මණ්ඩලයේ සිසුන්ගේ මානසිකත්වයෙන් පෙළෙන ජවිපෙ ට ලෝකයේ විශාලතම ආර්ථික පින්තූරය දැකිය හැකිද?

Monday, April 24, 2017

අල්ලපු වත්තෙ මල්ලිගෙ ගෙදර එකෙකුට පිහියෙන් ඇනල - Liberal Maldives blogger stabbed to death,

මාලෙ බ්ලොගර් යමින් රශීඩ්, ඉස්ලාම අන්තවාදයට විරුද්ධ වූවට 14 වතාවක්පිහියෙන් ඇන මරා දමා තිබේ.

Liberal Maldives blogger stabbed to death

2017-04-24 07:41:16
 0
 303
A prominent Maldivian blogger, who was critical of Islamist extremism and government corruption, was stabbed to death on Sunday, police said, and the main opposition party demanded an international probe into the killing.
Social media activist Yameen Rasheed was stabbed 14 times in the chest and once each in the neck and face, local media reported.
"He was stabbed to death early in the morning and we are investigating the matter," police spokesman Ahmed Shifan said.
The government in a statement condemned the killing and said President Abdulla Yameen had instructed state agencies to bring the perpetrators of "this heinous act to justice".
Significant numbers of radicalized Maldives youths have enlisted to fight for Islamic State in the Middle East. Three Western diplomats told Reuters that moderate Islamists have been threatened via social media for their "anti-Islamic" views.
Rasheed had received death threats, mainly after he posted criticism of radical Islam, his close friends told Reuters.
The 29-year-old blogger worked as a computer programmer and software developer at the Maldives Stock Exchange and identified himself as "disobedient writer" in social media. He ran a website called The Daily Panic.
The main opposition Maldivian Democratic Party (MDP), in a statement, called for an international investigation into Rasheed's death as the incident followed a "spate of similar stabbings of prominent politicians and political commentators".
"The MDP strongly believes that the Maldivian police service does not possess the capacity, credibility or political impartiality to conduct such a high-profile investigation on its own."(Reuters)
- See more at: http://www.dailymirror.lk/article/Liberal-Maldives-blogger-stabbed-to-death-127647.html#sthash.h2zbh520.dpuf

Thursday, March 16, 2017

චතුගේ ශානරය- Gampaha Genre

නත්තල් ගස 2
තිලොවට තිලක වූ අමා මෑණී වූ බුදු පියානන්ගේ තෙමගුල වෙනුවෙන් ගාලු මුවදොර ඉදිකරන්නට යෙදුණු සිරී පාද ය වැඳ පුදා ගැනීමට ජනයා කොළඹට පැමිණියේ ලස්ස ගණනිනි. ලෝකය පුරා ද මේ ගැන තොරතුරු පලවිය. වැටී තිබෙන ආර්ථිකයට එයින් ලැබුනු තල්ලුව කෙසේ වෙතත් මෙය ඉදිකිරීමට පෙර හා ඉදිකරන අතර මතුවූ විරෝධය කොහෙට වාෂ්ප වූවාදැයි මහ කොළඹ පුරපති අමරසිරිබන්දුටත් පුදුමය.

ඔහුගේ ලේකම්වරිය වන මොනිකා මෙය කීවේ දිව්‍ය ඥාණය ඇත්තියක මෙනි. හදනකම් තිබෙන විරෝධය හැදූ පසු වාෂ්ප වී යන බව ඈ කියූ හැටි ඔහුට මතක් විය.
නව ආර්ථික නගරයේ උස ගොඩ නැගිල්ලක 52 වන තට්ටුවේ පිහිටි සිය කාර්‍යාලයේ සිට විශාල වීදුරු ජනේලය තුලින්  උවමනාවෙන් වටපිට නිරීක්ෂණය කලේය.  නෙලුම් කුලුණ කොළඹ නගරයේ උසම ඉදිකිරීම ලෙස කැපී පෙනෙයි.

ඉසුරුගේ පිනට පහල වූ මීතොටමුල්ලේ කුණු කන්ද මුදුනේ ලෙළ දෙන ඉන්ග්‍රීසි කොඩිය කුඩාවට පෙනේ. ඉසුරුගේ පින් බලය ගැන අමරසිරි බන්දු තත්පරයක් මෙනෙහි කලේය. ජනපති ගේ එක් වචනයක් කපුටන් මොනරුන් කරන්නට ප්‍රමාණවත් වන හැටි පුදුමය. තාත්තයි පුතයි දෙන්නම මට උදව් කරල තියෙනව කියල ජනපති තැනක මේ ළඟදී කිව්ව. චතූ සේනාරත් ද ට්‍රයි එකක් දුන්නේ පිනක් පාදාගන්නය. පිනක් පාදාගන්නව වෙනුවට බයිට් වෙලා ගියේය. අමරසිරිබන්දු ගේ ගම්පලාතෙන් එන සමහරුන් හොඳ විහිලු සපයන්නන්ය. බයිට් වෙලාම යන්නේ ය. සිල්වා, පබා ආදී විහිලු සපයන්නන් අතර චතූ වෙනම ශානරයකි.

දුරකථනය නාද වන්නට විය. 

අන්තර් ජාලේ වීඩියෝ එකක් දාලලු.
ඒ පාර මොකක්ද 
බන්දු පවුලට විරුද්ධව
කමලබන්දු ගැන
මගේ මල්ලි, කොළඹ නගරාධිකාරියෙ සභාපති තමයි, 
සාමාන්‍ය පෙළවත් නෑ
සාමාන්‍ය පෙළ නොතිබුනාට ලන්කාවේ හොකි සන්ගමය නග්ගල ගත්තේ කවුද?

1996 අමරසිරි බන්දු ගේ නායකත්වය යටතේ ලෝක ශූරතාවය ජයග්‍රහණයෙන් පසුව කමල් බන්දු ලන්කා හොකි සභාවේ ලොකුම තනතුරු දැරුවේය. හොකි ක්‍රීඩාව දියුණුවෙන් දියුණුවට ගියේය. (මේ අමරසිරිබන්දු සිතාසිටින විදියයි. )
අද අමරබන්දුගේ යටතේ තිබෙන ආයතනයක් වන නගරාධිකාරියේ සභාපති තනතුරු දරයි. ව්‍යාපාර එන්න එන්නම දියුණුවෙයි.
(මේ අමරසිරිබන්දු සිතා සිටින විදියයි.)
ඉසුරු කාරයා හරිය. ඇත්තටම අපිට මේව පෙර කරපු පිනට ලැබුනු දේ. ඉරිසියාකාරයෝ. 

Sunday, March 12, 2017

කොටුවේ පොඩි සාදු හා සමන්ත බද්‍ර හිමි, What is Ven Samantha Badra's opinion on SAITM ?


ප්‍රවෘත්ති මවන මේ දෙ හිමි නමට මගේ යම් ගෞරවයක් තිබේ. ඒ ප්‍රවෘත්ති මවන  නිසාම නොවේ. විද්වතුන්ගේ නව සොයා ගැනීම් හෝ දේශපාලකයින්ගේන් රට වෙනුවෙන් ක්‍රියාත්මකව ආඩම්බර වීමට යමක් නොලැබෙන තත්වයක් තුල එසේ සිදු වූවත් මාධ්යයට නිවුස් එකක් නොවන තත්වයක් තුල මෙ දෙහිමියන් අපට සිතන්නට යමක් එලියට දාන බැවිනි.

එක් හිමි නමක් බුදු හිමියන් පරණ තැනට උස්සා තබන්නට උස්සහ කරන අතර තව හිමි නමක් බුදු හිමියන්ව බිම්ට බාලා පොලවේ පය ගස්සවන්නට උස්සහ කරනවා. හැබැයි එතුමා බිමට බස්සන ගමන්බුදුන්වහන්සේගේ ධර්මය හා සීලයේ රැස්වලින් ආලෝකය ලබාගන්න බලනවා. බලනවා නෙවෙයි කරනවා. මමත් බුදු වෙලා නම් රටේ වෙන දේවල් ගැන වෙනව කියවීමක් තියෙන්න ඕනේ. රටේ නායකයා ආහාර ගන්නේ පරන ග්‍රාම සේවකයෙකු වගේය, කාපු නැති එවුන් පෙරේත කමටයි විවේචන කරන්නේ ආදී වශයෙන් දෙඩවීම් වලින් කියන්නේ එතුමා බුදු කෙනෙකුට නොවෙයි පන්සලක සාමාන්ය මහණකමටවත් වටින්නේ නැති බවයි.

බුදු හිමියන්ව බිමට බානවාට දේව තත්වයෙන් බිමට ගන්නවාට මා පුද්ගලිකව කැමතියි. නමුත් මේ හිමියන් බුදුන්ව බිමට බාන්නේ තමන්ට බුදු වෙන්නය. මේ අරමුණු වලින් වැඩ කරන විට හෙළිවීම වැඩි දුරක් නොවෙයි. අපි ටිකක් බලා සිටිමු.

අනෙක් හිමි නම අපේ සංස්කෘතික බුදුන්ව උස්සා තබා, ලංකාව තුල ජාතිවාදයෙන් මිදුණු එහෙත් අපේ කමේ බලය ඉහලින් තබා ගත යුතු බවා අවධාරණය කරත්. උන්වහන්සේ එතෙර වෙසෙන විශේෂයෙන් කොරියාව වැනි රටවල තරුණයින් ගැන වැඩිපුර අවධානයක් යොමු කරත්. මැද පෙරදිග දුක් විඳින ස්ත්‍රී පක්ෂය ගැන අමතක කරත්.
විශේෂයෙන් සයිටම් ගැන එතුමා කියන්නේ ඒක වහනව නම් ඔක්කොම පුද්ගලික විශ්ව විද්‍යාල වසා දැමිය යුතුයි.

සමන්ත බද්‍ර හිමිගේ සයිටම් ස්ථාවරය මා දන්නා තරමට එළියට ඇවිත් නැත.

Wednesday, March 8, 2017

බුදු ඇම්මෝ, කොලස්ටරෝල්-පොලුත් ඕනෑ වේ. No coconut No life


කාලයක් පොල් සරීර සෞඛ්‍යයට අහිතකරය, බුදු අම්මෝ, අපිව බය කරපු හැටි. එහි අඩන්ගු කොලස්ටරෝල් බඩට ගොස් බඩ හරහා රුධිර නාල වලට ගොස් ඒ රුධිර නාලවල තැන්පත් වී හිල පුන්චි වී රුධිර පීඩනය වැඩි වී හැට අනූවක් ව්‍යාධිවලට හේතුවක් වී අවසානයේ අමා මහ නිවන පවත්නා නිවන් පුරේ ඉඩම් මිලදී ගෙන නොමැතිනම් අතේ ඉතිරිව තිබෙන මුදලේ හැටියට වටිනා පෙට්ටියක නැගී අවීචි මහ නරකයට යාමට සූදානම් විය යුතුව තිබුනි. No to coconut කියපු අපි දැන් කියන්නේ..No coconut, No life .

දැන් තත්වය යූ ටර්න් එකක් අරගෙනය. අන්සක 360කින් කැරකිලාය. දැන් පොල් තරම් දෙයක් ලොවෙත් නැත. පොල් නානවාය. පොල් බොනවාය. පොල් කනවාය. ලොඳත් කනවාය. ඇඟේ උලනවාය. (පොල් ගහන එක මේ මල්ලට දාගන්න බැරිය.ඒක වෙනම කතන්දරයකි.) No to coconut කියපු අපි දැන් කියන්නේ..No coconut, No life කියලාය.

ඒ මදිවට දැන් කොලස්ටරෝල් අඩුකරනවයි කියන ආහාර ගත්තාට වැඩක් නෑ යයිද කියත්. ඒ ගොල්ලො කියනව. අපි අහනව.

ලේවල සීනි තත්වය සාමාන්‍ය අය බිලියන් ගණනකට දිය වැඩියාව හැදුවෝය. ඒ කොහේදෝ ඈත බලවත් රටක බලවත් ඖෂධ ව්‍යාපාරවලට කත් අදින පඬුවන් කීපදෙනෙකු විසිනි.
මේ ලඟදීම සීනි ටිකක් වැඩිපුර කෑවාට කමක් නැත කීවොත් පුදුම නොවන්න. ලෝකය පුරා පැණි බීම වර්ගවලටඇති ප්‍රතිවිරෝධය ආන් බාන් කර ගන්නය.
අපිට ඉස්සර කිව්වේ No Coca Cola, No life කියලාය. අද ඉන්දියාවෙන් එලවා දමන්නේ නැතිව ම බෑ කිව්ව ඒවාය.

කාලය මහ පුදුම මැජික් කාරයෙකි. කස්ටියකට කාලයක් චීනය, කොමිනිස් රටවල් පට්ට ඇලජික් විය. අද චීනේ නැතුව හීන දකින්නත් බැරිය.   පොල් කුඩු ගාණට සැලකූ වාමාන්සිකයින් රූපවාහිනියට පට්ට ඇලජික් විය. අද සමහරුන්ට වාමාන්සිකයින් නැතුව අද රෑ හීන දකින්නත් බැරිය. වාමාන්සිකයින් නැතුව පුද්ගලික විශ්ව විද්‍යාල පවත්වාගෙන යන්නත් බැරිය.
 කාලයක වෙනසය.
ඒ වගේම සාටකයක වෙනසය.

Monday, March 6, 2017

චතුර, විට්ටර් හෙඩ් ලයින් යන අතරේ!

චතුර, විට්ටර් හෙඩ් ලයින් යන අතරේ
වැලිකඩ වෙඩි කෑ උන්ට- වින්දිතයින්ට
ලස්ස 20 බැගින් (කැබිනට් එකේ අයගේ පොකට්වලින්Hiks) ගෙවනව කියන්නේ.
කේස් එක ක්ලෝස්?
වියත් මග හරහ පිරිපුන් දේශයකට යන්නේ එහෙමයි!

ද්‍රෝහීන් විරුවන් කරන අතරේ
වෙඩි කෑ උන්ට ලස්ස 20 බැගින්!
කේස් එක ක්ලෝස්?
යහපාලන දේශයකට යන මග එහෙමයි!

එකාබඩ්ඩේ කස්ටිය කියන්නේ යූ ඇම් පී ශ්‍රී ල නි ප දීගේ ඉවරයි අගෝස්තුවේ කියල.
රාජිත මේ පැත්තේ ඉඳන් කියනව ඒකාබඩ්ඩෙ ඉවරයි අගෝස්තුවේ කියල!

සමන්ත බද්‍රට එදිරිව කොටුවෙ හාමුදුරුවන්ව දාල,
එතැනත් පොඩි ආතල් එකක් නැත්තේ නෑ.

''අබල් බබල්'' ආණ්ඩුවකට දවසක් දෙකක් ගෙවා ගන්න උදව් වෙන එක ලොකු පිනක්.
මේක නම් ඉතිං ඒ ජාතියෙ එකක් නෙවෙයිනේ..!

කොහොම වුනත් ඒ අතින් චතුරල හා වික්ටර්ල ලොකු සේවයක් කරන්නේ.
අරහත් මුනිදු සමන්ත බද්‍ර හා කොටුවෙ හාමුදුරුවො පවා!

 රතු පස්වල වගේ වෙඩි කන්න හිතෙන්නේ මේවේලාවට තමයි, නැද්ද?
ගොඩනේ!
සිරකරුවෝත් මනුස්සයොනේ..


Thursday, March 2, 2017

එක් පෑන් පහරින් ද්‍රෝහීන් විරුවන් කළ හැටි. එක් ටෙක්ස්ට් මැසේජයෙන් ප්‍රේමය කටු ගා දැමූ හැටි Deleting love by a single text message!

එක් පෑන් පහරින් කළ දේ බොහෝය.
සමහර ඒවා පල දෙන්නට ටිකක් කල් ගියේය.
ආවේ කඩු හා වෙඩි වලට පරිවර්තනය වෙලාය.
වෙඩි සුනාමියක් වෙලාය.
 ඒවා ගැන විස්සෝප නොවී පාඩමක් ඉගෙන ගැනීමයි කල යුතු.
තවද ඒවා ගැන කතා කරන්නට යෑම මූඩ් එක කෑමකි.

පසුගිය කාලේ එක් පෑන් පහරින් වීරයන් ද්‍රෝහීන් විය.
ලොකු ටෝක්ස් දීපු අය දැන් කියන්නේ ඒවා වැරදි බවය.
පව්ය.
ඒවා අතීතයට දාමු.
පරන මිනිවල්වල් හාරන එක මේවේලාවේ මූඩ් එක කන වැඩය.

ඒත් නොසිතූ නොපැතූ දේත් ලෝකයේ සිදුවෙයි.
කලින් සිදු වූ දෙයට තනිකරම ප්‍රතිවිරුද්ධ දෙයක් සිදුවිය.

මේ ලඟදී එක් පෑන් පහරකින් ද්‍රෝහියන් වීරයන් විය.
එය ජනපති මෛත්‍රීගේ ශත පනහේ සියල් බෝල්ට් පොයින්ට් පෑනෙන් කළ වික්‍රමයකි.

කැප්පෙටිපොල දිසාවේ ඇතුලු 1818 වෙල්ලස්සේ කැරල්ලට සහභාගී වූවා යයි ද්‍රෝහීන් ලෙස හංවඩු ලැබ හිස් ගැසුම් කෑ 82ක් විරුවන් , නිර්දෝෂී කොට විරුවන් බවට නීත්‍යනුකූල විරුවන් ලෙස සහතික කොට අත්සන් තබන ලදි. (නම් නොදත්, ඉන්ග්‍රීසි ආණ්ඩුවේ අනුදැනුම ඇතිව සිංහල මැරයින් විසින් බාබෙකිව් කල සිය දහස් ගණනක් වූ සාමාන්‍ය පුරවැසියන් ගේ නම් මෙතන නැත.)
මේ පිලිබඳව ලියු පෝස්ටුවක් ද දැන් අවුරුදු 5 කට 6 කට උඩදී දයල් බතී විසින් ලියන ලදි.

මේ ඕන මල දානයක් උනාදෙන්,
මට අප්සැට් එක උනේ ඔය ඉහත කී එකක්වත් නෙවෙයි.
එක ටෙක්ස්ට් මැසේජ් එකෙන් මගේ සිව් අවුරුදු ප්‍රථම ප්‍රේමය - ආදරය කටු ගා දැමූ අයුරු සිහිපත් වන විටය.
''ආයි මට මෙසේජ් එවන්න හෝ කථා කරන්න එපා. අපේ සම්බන්ධය අදින් ඉවරයි, මට දැන් බියර් බීල ඇතිවෙලා. .''

Tuesday, February 21, 2017

නම් පොත දික්වේ, ප්‍රශ්න පෝලිම දික්වෙමින් යයි The List extends and swells


නම් පොත දික් වෙමින් යයි

ලන්සා
හේමන්ත වර්ණකුලසුරිය
ඒ එස් පී ලියනගේ
මෛත්‍රී ගුණරත්න

ජරාව කෙලින්ම ඉල්ලීමේ නිදහස හා
ඇති හැකි උන්ට අසරණවුන් පෙලීම සඳහා
ඇති නිදහස දැන් පුලුල් වෙමින් යයි.

අලුත් ජෝකර්ලා හා මාධ්‍යට කෑම සපයන ගොබිලන්ගේ ලැයිස්තුව දික්වෙමින් යයි
තෙවරප්
රන්ජන්
චතුර ඩබල

සයිටම් විරෝධයට එකතුවන
ටයි දමාගත් දොස්තරවරුන්ගේ පෝලිම දික්වෙයි

නියඟය ට ජලය හිඟ කම සහල් හිඟකම
විදුලිය හිඟකම එකතුවී ප්‍රශ්න පෝලිම දික්වෙමින් යයි.

කුණු ගොඩවල් පෝලිමට හබරණත් එක්වේ.
අලි කුණු ගොඩේ පොලිතීන් හා ඉන්ජෙක්ශන් කටු ගිලදමා මැරෙන අලි පෝලිමට එක්වෙති.
(කුණු ගොඩවල් ගැන කථා කිරීම යූ එන් පී මංත්‍රීවරුන්ට රනිල්තුමා විසින් තහනම් කර ඇත.)
(හබරණ නගර සභාවේ ආදර්ශ පාඨය පරිසරය පුජනීයයි.)

Sunday, February 19, 2017

කොටුවේ පොඩි හාමුදුරුවො වැඩල..Welcome Back Rev with lots of respect.

කොටුවේ පොඩි හාමුදුරුවො ආයි ඇවිල්ල..ඒ උන්වහන්සේ කියනව අද ආදරේ කියල තියෙන්නේ සැකය.


http://dinamina.lk/2017/02/17/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/29993

Tuesday, January 17, 2017

සිරී පාදේ - පලමුවෙනි කොටස

කාර් පිස්සුව නම් කෙටි කථාවක් බ්ලොගයේ තිබී කියෙව්වා. නූතන උපමා, ඉල ඇදෙන යෙදුම්, උපහාසය, අපහාසය සපිරි රසයන් කීපයක්ම මතුවන අයුරින් මනාව නිර්මාණය කොට ඇති ඉතාම නූතන කෙටි කථාවක්. රසය උපරිම ලෙස වින්දා. එය ඉතාම සූක්ෂම ලෙස නූතන ගම්පෙරලියක් ගැනද කියනවා. මා කැමති එතනයි. ඉතින් ඒක කියවල මගේ කතා පිස්සුවත් තද උනා. http://carpissuwa.blogspot.com.au/

සිරී පාදේ - පලමුවෙනි කොටස



“ඔව් මොනිකා ඔව් ඒක කොහොම හරි කරගන්න පුලුවන් වෙයි“

”අනේ කොහොම හරි කරන්නම ඕනේ ඩාර්ලින්, මැල්කම් අන්කලුත් කථා කරල කීව:

 අන්කල් මාධ්‍යයට ප්‍රකාශ කල ඒවා ගනන් ගන්න එපාය කොහෝම හරි සිරී පාදේ හදන්නය කියල”

“ හා ඇත්තද මුන්ගේ ඩබල් ගේම්, මාධ්‍යට එක මූණක්, අපිට වෙන මූණක්, මොනිකා ඔයා දන්නවද? උදේ අස්සගිරියෙන් ටෙලිෆෝන් කරා, උන්නාන්සේ කියන්නේ ඇත්තම සිරී පාදයක් තියෙද්දී මොකටද අලුතෙන් එකක් ගෝල් ෆෙස් එකේ හදන්නේ කියල?''

මතුපිටින් බැලුවම ඒ කථාව ඇත්ත. නමුත් දේශීය හා විදේශීය සංචාරක කර්මාන්තය වැටිල, ලංකාව ප්‍රීතිමත් මිනිස්සු හිටිය රටක් අද බන්ග්ලාදේශය පකිස්තානය හා ඉන්දියාවට වඩා පල්ලෙහා අපි ඉන්නේ, එ සඳහා අපි යමක් කල යුතුයි. මොන ප්‍රශ්න ආවත් මේ වැඬේ කොහොම හරි කරන්න ඕන.
ඒ අයට රටේ ආර්ථිකයේ අලුත් පැත්ත, ලෝකයේ රටවල් අතර තියෙන තරඟය, අපේ රටට නව ආදායම් ක්‍රම නැතුව හිඟාකන්න වෙනවා කියල හැඟීමක් ඇත්තෙම නෑ.

“තුන්පිටකවල ඕව නැතුව ඇති”

ලෝක හොකී ශූරතාවය 1995දී උරුම කරදුන් හිටපු ජාතික හොකී නායක වර්තමාන කොළඹ පුරපති නිරන්ජන් අමරසිරිබන්දු, ගාලු මුවදොර පැහැදිලිව පෙනෙන අලුතින් ඉදි වුනු වරාය නගරයේ තට්ටු 52ක් උසැති  ගොඩැගිල්ලක 32වෙනි මාලයේ පිහිටි සිය කාර්යාලයේ සිට ගාලු මුවදොර පිටියේ මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් ඉදිවෙමින් ඇති සිරීපාදයේ කටයුතු නිරීක්ෂණය කරමින් සිය මිතුරියට කථා කරයි.
කාඞ් බෝඞ් සිරීපාදයට වැය කරන මුදල් දුගියන්ට දුන්නා නම් මීට වැඩියේ හොඳ නැද්ද- කොන්ඩඤ්ඤාරාමයේ මා හිමි. ’සීදේවි‘ පත්තරේ පොල් ගෙඩි අකුරෙන් පලවී තිබේ. නිරන්ජන්, ‘සීදේවි’ පත්තරේ අයිතිකාරයින් දැනට වසර දෙකකට පෙර පාර්ලිමේන්තු ඡන්දයෙන් පැරදුනු ජන්ම භූමි පක්ෂයේ නායක හිටපු අගමැතිු රාජදූරී පවුලට හිතවත් අය බව හොඳින් දනී. නිරන්ජන්ගේ පුදුමය නම් පසුගිය සතියේ කොළබ කොණ්ඩඤ්ඤාරාමාධිපති මාහිමියන් තමන් අශීර්වාද ගන්නට ගිය ආවස්ථාවේදී ආශීර්වාද කොට පිරිත් නූලක්ද ගැට ගැසූ නිසාය.

“පත්තරෙනුත් අපිට ගහල“

’නිරන්ජන් ඔය විරුද්ධතාවල් ඕක සිරීපාදෙ හදනකම් විතරයි බලන්නකෝ මං කිව්වට, ඔය දොස් කියපු අයත් පෝලිමේ ඇවිත් නගින්නැද්ද කියල බලන්න‘

“ගිය සුමාණේ මං කොණ්ඩඥාරාමෙට ගියා මේ ගැන නායක හිමියන් දැනුවත් කරන්න. ඒවේලාවේ උන්නාන්සේ මට ආශීර්වාද කළා, අපි ආරම්ඹ කරන කටයුත්ත සාර්ථක වෙන්නය කියල. මට හිතා ගන්න බෑ සතියකට පස්සේ මේ වගේ මුලින් කියපු දේට සම්පූර්නම පරස්පර දෙයක් කියයි කියල.”

“ඔයාට ඔය රාජධූරි ලගේ පත්තර විශ්වාසද?“

”මම විශ්වාස කරන නොකරන එක නෙවෙයිනේ මොනිකා ගැටලුව, මුලු රටක් පුරා පැතිරෙන විෂබීජනේ ගැටලුව! මේවට කොහොමද අපේ අලුත් ආන්ඩුව මූණ දෙන්නේ. රාජධූරිලගෙ ආණ්ඩුව කරල තියෙන විනාසෙ, ආර්ථිකය පත්වෙලා තත්වය, ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය පත්වෙලා තියෙන තත්වය, සංචාරකයින් ලංකාව මග හැරීම ආදීය ගැන මෙලෝ බෝලයක් තේරෙන්නෙ නෑ, එක්කො තේරුම් ගන්න උත්සහ කරන්නේ නෑ.”

-අනෙක් කොටස ළඟදීම-





Wednesday, January 4, 2017

ජවිපෙ ගඟට කැපූ ඉනි?

ජවිපෙ බලගතු පක්ශයකි.
පසුගිය ආණ්ඩුව බලයට ගෙනැවිත් ස්ථාපිත කිරීමේදීද
එමෙන්ම 2015 ජන 8 දා පසුගිය ආණ්ඩුව එලවාදැමීමේදීද
ප්‍රධාන කාර්‍යභාරයක් ඉටුකලේද
ජවිපෙ විසිනි.
ඒ සඳහා අවශ්‍ය බලය ප්‍රමානවත් ලෙස ජනතාව විසින් ඔවුනට දී තිබේ.
අනාගතයේදීත් ඔවුන් රජුන් තනනු ඇත.
රජුන් මහපාරට ඇද දමනු ඇත.
ඒ සඳහා අවශ්‍ය බලය ජනතාව දී තිබේ.

දැන් ජවිපෙ බලය  වැඩි බලයක් ඉල්ලන්නේ මොටද?
ආණ්ඩු බලය ගන්නද?
2020 බලය ඉල්ලන්නේ ජවිපෙ ආණ්ඩු පිහිටුවන්නද
නැත.
යෝජිත නව ව්‍යවස්ථාවෙන් ගොඩනැගෙන ජාතීන් අතර සංහිඳියාව හා ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ
සිංහල දෙමල මුස්ලිම් ජනතාවට ලැබෙන
ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන්නටද?
ජවිපෙ කිරි කලයට ගොම දා ගන්නේ එතැනය.
ඔවුන් මේ ලෑස්ති වන්නේ 88-89 ටද?

පක්ශයේ සියලුම කැප කිරීම් ගඟට කැපූ ඉනි මෙන් නිරපරාදේ
නාස්තිවී යන්නේ මෙතැන්දීය.
මෙතුවක් කල් මාන්සියෙන් කැපවීමෙන් උපයන ලද කීර්තිනාමය පලුදු කරගන්නේ මෙතැනදීය.
ජවිපෙ හැමදාම කල වැරැද්ද නැවත වටයකින් පෙරට ගෙන එමින් ඇත.

ජවිපෙ විප්ලවය කරන තුරු දෙමල හා මුස්ලිම් ජනයාටලැබෙන සුලු සහනයවත් නොදිය යුතුය කියලද ඔවුන් කියන්නේ?